පසුගිය ජුලි මස 08 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අලි රොෂාන් නමැති පුද්ගලයෙකුට අයත් අලියෙකු පෙරහැරක ගමන් කරමින් සිටියදී එම ඇත් ගොව්වා මාලෙඹි පොලිසිය ඉදිරිපිටදී කාන්තාවකට පහර දී ඇයගේ ජංගම දුරකතනය පොලවේ ගසා තිබේ. නැවත දුරකථන අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව එම පහරදීමේ දර්ශන මතුකරගෙන තිබේ. එම දර්ශන පහතින් බලන්න.
එම අලියා වීඩියෝ කිරීම නිසා එසේ පහර දී තිබේ. මේ අලියාගේ පාද නැමී තිබෙන අතර අලියා යම් පීඩාවකින් සිටින බව දක්නට තිබේ. අලියාගේ පාදවල තිබෙන මේ දෝෂය වීඩියෝ කිරීම නිසා මෙසේ පහරදී තිබේ. මේ ආකාරයෙන් පාද රෝගවලට ගොදුරුවන්නේ ලැබිය යුතු ප්රතිකාර නියමාකාරයෙන් නොලැබෙන නිසා බවද පැවසේ. නිවසක ඇතිකරන මෙවැනි සතෙකුට හිංසනයක් සිදුවන විට මෙන්ම මෙවැනි රෝගාබාධ වලට ලක්වන අලි ඇතුන් ගැන වනජීවී දෙපාර්තමේන්තුව අවධානය යොමුනොකරන්නේද?. පැමිණිලි අංකය CIB /1/237/5 ලෙස එම පහරදීම පිලිබදව පැමිණිල්ල බව සදහන් වේ.
උඩුවේ ධම්මාලෝක හිමිට අයත් අලියෙකුට පිහියෙන් අනින්නේද මේ ඇත් ගොව්වාම බව ද මෙම වීඩියෝවේ අවසානයට ඇත්තේ එම එක් සිද්ධියකි.
නව ජනාධිපතිවරය රට ගොඩගැනීම සදහා දැවැන්ත උත්සාහයක් ගනිමින් සිටි. නමුත් පැමිණිල්ලක් යොදා මාසයක් යනතෙක්ම එය විභාග කර නීතිමය කටයුතු කිරීමට ශ්රී ලංකා පොලිසිය පොල් ගාන්නේ නම් රටක් කෙසේ ගොඩනගන්නද?.