(වීඩියෝ) ගම්පොල ජේෂ්ඨ පොලිස් අධිකාරි මර නින්දක. වෙල්යායවල් ගනනාවක් ගොඩකරලා. විරුද්ධවන පුද්ගලයන්ට මරණීය තර්ජන. ගම්පොල ප්‍රාදේශීය සභා මන්ත්‍රීටත් මරණීය තර්ජන.

ගම්පොල නගරයේ තිබෙන ඉතිහාසගත වෙල් යායක් වන නාමල්වියන වෙල් යාය සේම බැබිල යාය වෙල් යාය බලහත්කාරයෙන් ගොඩ කිරීමක් පිලිබඳව අප මීට මාස කිහිපයකට පෙර වාර්තා කරන ලදී. එසේම එහිදී ගම්පොල ප්‍රාදේශීය ලේඛම්රයාගේ ක්‍රියාකලාපය ද වාර්තා කර තිබේ. එම නාමල් වියන වෙල්යාය බේරා ගැනීමේ කටයුත්ත සදහා පොලිසියද කටයුතු කර නොතිබූ අතර ඔවුන් රාජ්‍ය බලය භාවිතා කර තිබුනේ නීතිවිරෝදී කටයුත්තක් කිරීම සදහාය.

මේ වන විට ගම්පොල නගරසභා සීමාව සහ ගඟ ඉහල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වෙන්වන මායිමේ පිහිටි මාලිඟා මාලිගාපුරන ග්‍රාම නිලධාරී වසමට අයත් පොල්ගස්කුඹුර නැමති කුඹුර නීතිවිරෝදී ලෙස ගොඩ කිරීමක් සිදුකරයි. දිනකට ටිපර් ලෝඩ් සියගණනක් බලපත්‍ර රහිතව මෙම ඉඩම් ගොඩ කිරීම් කටයුතු සඳහා යොදා ගෙන තිබෙන බවද වාර්තා වේ. මේ සදහා ගඟ ඉහල ප්‍රාදේශීය ලේඛම් හෝ අදාළ වසමේ ග්‍රාම නිලධරි විසින් පස් පිරවීමට බලපත්‍ර නිකුත් කර නොමැති බවද වාර්තා වේ. කෙසේ වුවත් කුඹුරු ඉඩම් ගොඩ කිරීමට නීතියෙන් අවසර ලැබෙන්නේ ද නැත. එහෙත් මහ දවාලේ දෙනෝදාහක් බලා සිටියදී මෙම ඉඩම ගොඩකිරීම සිදු කරන්නේ පොලිසියේද පූර්ව ආශිර්වාද ඇතිව පැහැදිලි වන්නේ ඔවුන්ගේ තිබෙන දේශපාලන සබදකම් සොයා බැලිමේදීය.

මෙම ලොරි රථ ගමන් කරන්නේ ගම්පොල පොලිස් බල ප්‍රදේශය හරහාය. . ලොරි රථ 9 ක අංක ගම්පොල පොලිසියට ලබා දී තිබේ.

මෙම නවතම ඉඩම සහිත ප්‍රදේශය අයත් වන්නේ ඇත්ගාල පොලිසියට බවද වාර්තා වන අතර මෙම ඉඩම පිහිටා තිබෙන්නේ ගඟ ඉහල ප්‍රාදේශීය සභාවට වන නමුත්  එම නීති විරෝදී  කටයුත්ත සිදු කරනුයේ නාවලපිටිය නගර සභාවේ සභාපති වන අමල් ප්‍රියංකර වේ.

ගම්පොල නාමල් වියන වෙල්යායට සිදු කල අපරාධයෙන් එය බේරා ගැනීම සදහා  කටයුතු කල ගම්පොල නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වන සමීර චන්ද්‍රසිරි මහතාව අත් අඩංගුවට ගැනීමට ගන්නා බවට තර්ජනය කරන ලද්දේ  ASP කමල් ආරියවංශ මහතාය (වීඩියෝ). එම කාලයේ එම ප්‍රදේශය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි වුයේ ශිරන්ත පිරිස් මහතා බවද වාර්තා වේ. වර්තමානයේ එම ප්‍රදේශය භාර ජේෂ්ඨ  පොලිස් අධිකාරිවරයා වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග දැඩි හිතවත්කමක් තිබෙන බොරැල්ල පොලිසියේ හිටපු රථ වාහන ස්ථානාධිපති වන ප්‍රදීප් රත්නායක මහතා වන බවද වාර්තා වේ.

කෙසේ වුවත් අප සෑම දිනකම ලියන්න සේ පොලිසියේ රාජකාරිය වන්නේ නීතිය නොහොත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයෙන් කියවෙන වැරදි කරන පුද්ගලයන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඩුවම් ලබා දීමට කටයුතු සලස්වා අනෙකුත් ජනතාව ආරක්ෂා කිරීමයි.

මේ වීඩියෝ එකට අනුව මේ ටිපර් රථ රියදුරන් නීතිවිරෝදී කටයුතු ගනනාවක් සිදු කරයි. සාමකාමි මිනිසුන්ට මරණීය තර්ජනය කරයි. නගරාධිපතිද එසේමය. ගම්පොල ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි තුමනි. බොහෝ කාලයක සිට මේ සිද්ධීන් සිදුවන්නේ ඔබගේ පොලිස් බලප්‍රදේශය තුලයි. දිනපතාම පොලිසියට ජනතාවගෙන් කුණු බැනුම් අසන්නට සිදුව තිබෙන්නේ ඔබලාගේ සැප නින්ද සහ දෙෂ්පාලන හිතවතුන් රැකගැනීම වෙනුවෙන් රැකියාව භාවිතා කල නිසාය. මේ අමු තිත්ත කුණුහරුප කියමින් හැසිරෙන්නේ කවුද?. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඔබලා අසමත් නම් දිනෙන් දිනම විනාශ වන්නේ ඔබෙත් අපගේත් මව් බිම නොවේද?.  දින ගනනාවක් ගෙවී ගියත් මේ සිද්ධියට ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්ව තිබෙන්නේ ඔවුන් දේශපාලන චන්ඩින් නිසාද?

නිවැරදි කිරීමයි.

යතුරුලියන කිහිපයක් පහත පරිදි නිවැරදි විය යුතුය.

ගම්පොල නගර සභාව යන වචනය ප්‍රාදේශීය සභාව ලෙස වෙනස් විය යුතුය. ඊට අමතරව වර්තමාන ජේෂ්ට පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක බොරැල්ල රථවාහන ස්ථානාධිපති නොව, රිය අනතුරකින් මිය ගිය  බොරැල්ල හිටපු රථ  වාහන ස්තානධිපති මිය ගියේ මෙම නිලධාරියාගේ පුතා පැද වූ ඩිෆෙන්ඩර් රථයේ ගැටීමෙනි

අසභ්‍ය වචන සහිත බැවින් වීඩියෝව නැරඹීමට ආරක්‍ෂිත උපක්‍රම බාවිතා කිරීමට වීඩියෝව මැද ක්ලික් කරන්න

https://www.ravanalankanews.lk/8147/01/%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%8f%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb-%e0%b6%b4%e0%b7%93%e0%b6%a9%e0%b7%8f-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b6%b1/26/17/
https://www.ravanalankanews.lk/7930/01/%e0%b6%b8%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%b8-%e0%b6%b4%e0%b7%85%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%94%e0%b6%b4%e0%b7%92%e0%b6%ad/26/13/

https://www.ravanalankanews.lk/7703/12/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%bb%e0%b6%ba/58/16/
Exit mobile version