දිනෙන් දින වාර්තාවන රටම කම්පා කරන පුවත් අතරේ අද (01) දහවල් 12.30 ට පමණ වාර්තා වන්නේ කිසිවෙකුත් නොසිතන තවත් මරණ දෙකකි. ඒ සූරියවැව, පරණ ඇඹිලිපිටිය පාරේ සමාජසේවා පුර පදිංචි ඒ සුරංගා මධුමාලි ඇයගේ දරු දෙදෙනා සමග ඇඹිලිපිටිය චන්ද්රිකා වැවට පැන දිවි නසා ගැනීමයි.
එම සිද්දියෙන් දරුවන්ගේ මව වන සුරංගා මධුමාලි (32) අද හවස 3.45 ට පමණ මියගොස් තිබෙන්නේ ඇඹිලිපිටිය මහරෝහලේදී වන අතර කලු ආරච්චිගේ නෙත්මි නෙත්මාල් (05) රෝහලට රැගෙන යනවිටත් මිය ගොස් තිබුණි. අනෙක් දරුවා වන කලු ආරච්චිගේ ෂාන් දුෂ්මන්ත (11) කෙසේ හෝ පිහිනාගෙන ගොඩට පැමිණ කෑ ගැසීමේදී වට ජනතාව එක් රොක් වී එම ආසන්නයේම සිටි පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ උත්සාහයෙන් එම දෙදෙනා ගොඩ ගෙන ඒ අසල තිබු ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයකින් රෝහලට ගෙන ගොස් තිබේ.
ඔවුන්ගේ පියා හම්බෙගමුව ප්රදේශයේ කුලී වැඩකට ගොස් තිබෙන අතර මියගිය මව සතුව රුපියල් 2000 ක් සහ ස්මාර්ට් ජංගම දුරකතනයක්ද තිබී ඇත. එසේම වාර්තා වන ආකාරයට මියගිය තැනැත්තියට යම් මානසික රෝගයක්ද තිබී ඇත. නමුත් ඒ පිලිබදව තහවුරු කිරීමක් නැතිනමුත් එසේ වාර්තා වේ.