( වීඩියෝ) ත්‍රිවිධ හමුදාවම වනසන රටේ පාලකයන්ගේ අදක්ෂකම.

රටක පාලනය පවතින්නේ විවිධ කොටස්වලින් සිදුවන විවිධ යුතුකම් සහ වගකීම් ඉටුකිරීම මතය. රාජ්‍ය පරිපාලනය සාර්ථක වන්නේ තමන්ගේ කොටස නිසි ලෙස ඉටුකිරීමෙන් පමණි. නීතිය සහ සාමය බිඳවැටෙන්නේ නම් එම රාජ්‍ය මානවයාට පමණක් නොව සතුන්ටද ජීවත් වීම සදහා නුසුදුසු රාජ්‍යයකි.

හමුදාව සිටින්නේ යුද්ධ කිරීමට මෙන්ම රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කිරීමට විනා සිවිල් කටයුතු පාලනය සඳහා නොවේ.  ශ්‍රී ලංකාව කාලාන්තරයක් තිස්සේ සිදුකරන්නේ “ අතීසාරෙට අමුඩේ ගැසීමකි”. එහි ප්‍රතිපලයක් ලෙස සමාජයේ පන්තීන් පන්තීන් අතර ගැටුමක් ඇතිව තිබේ. එයින් බේරී සිටින්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සමග ජනාධිපති පමණි.

ශ්‍රී ලංකාවේ යන්තම් හෝ සුරැකි තිබුනු ආයතන තුන වුයේ යුධ, ගුවන් සහ නාවික හමුදාවන් පමණි. ඔවුන් සිවිල් සමාජය සමග ගැටීමෙන් වැලකි තිබු නිසා ඔවුන් කෙරෙහි විශාල ගරුත්වයක් තිබුණි. නමුත් පාලකයන්ගේ අඳ, ගොළු සහ බිහිරි පාලනය හමුවේ එම ගරුත්වය සම්පූර්ණයෙන්ම බිදී ගොස් තිබේ. මේ වන ශ්‍රී ලංකාවේ බහුතරයක් වැසියන් ත්‍රිවිධ හමුදවාම වෛර කරන තත්වයට පත්ව තිබේ.

ත්‍රිවිධ හමුදාවන් ඇතුලේ සිදුවන බොහෝ අසාධාරනකම්, අකටයුතුකම්, වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතාද සාමාන්‍ය සමාජයට අනාවරණය නොවේ. නමුත් මේ වන විට සිදුවන ක්‍රියාකාරකම් හමුවේ ඔවුන්ගේ කඳවුරු තුල නිලයෙන් නිලයට ඉහල සිට පහලට  සිදුවන අසාධාරනකම් කොපමණ තිබේද යන්න සාමාන්‍ය ජනතාව ප්‍රශ්න කරති. එසේම හමුදාවල් තුල රාජකාරිය කරනා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් කෙතරම් කඩවන්නේදැයි ජනතාව ප්‍රශ්න කරති. සිවිල් ජනතාව සමග ගැවසෙන පොලිස් නිලධාරින්ද තම සේවය අවසන් කරගෙන තිබෙන්නේ නින්දා සහගත ලෙසය.

බොහෝ හමුදා නිලධාරීන් මෙන්ම භටයන්ද ජනතාවට කතා කිරීමටවත් නොදන්නා බව සැබෑවකි. ඒ ඔවුන් පුරුදු පුහුණු කර තිබෙන්නේ සිවිල් කටයුතු සදහා නොවන බැවිනි. එසේම ඉන්ධන හල්  අසල සේවයේ නියුතු හමුදා භටයන් ජනතවගෙන් කුණු බැනුම් අසති. ඒ පොලිසිය සහ ඉන්ධන හල් වල කලමනාකාරිත්වයන් සිදු කරන හොර වැඩ නිසාය. ඉන්ධන හල් වල සිදුකරන අකටයුතුකම් මේ වන විට සිදුවන්නේ හමුදා සහ පොලිස් ආරක්ෂාව යටතේය. මේ තත්වය උසස් හමුදා නිලධාරීන් හදුනාගෙන නැති බව පැහැදිලිය.

එය මනාව පැහැදිලිවන්නේ යුධ හමුදාධිපති විසින් උත්සව අවස්ථා තහනම් කර තිබියදී යුධ හමුදාවේ උත්සවයක් පැවැත්වීමට පසුගියදා කටයුතු කර තිබීමයි. එසේම ගුවන් හමුදාවේද එයම සිදුවිය. ඒ  පසුගිය මාසයේ රත්මලානේ පැවති රුපියල් කෝටියකට ආසන්න මුදලක් වියදම් කරමින් පැවති අරක්කු සාධයයි. ඔවුන් රටට දායාද කර තිබෙන්නේ වගකීම් විරහිත හමුදා භටයන් බවට මෙනම් වර්තමාන සමාජයට රටට මෙන්ම ලෝකයට ගැලපෙන ලෙස හමුදා භටයන් පුහුණු කර නැති පැහැදිලිය.  එසේම හමුදා නිලධාරින්ද එසේම රටේ නීතියට ගරු නොකරන බවද යම් යම් ක්‍රියාවලින් පෙනෙන්නට තිබේ.  

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට තිබුණු ගරුත්වය සහ බිය නැතිවීමෙන් මතු කිසිම දිනයක එය ලබා ගත නොහැකි වනු ඇත. එසේම හමුදාවල් තුල සිදුවන සියලුම නීතිවිරෝදී ක්‍රියාකාරකම් ද ජනගත වනු ඇත.  එයින් හමුදාවල් වල කටයුතුද උඩු යටිකුරු වනු ඇත.    

https://www.youtube.com/watch?v=c5TLOSYu-8c  

Exit mobile version