අද ශ්රී ලංකා පොලිසියේ බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් සිවිල් මිනිසුන්ට මෙන්ම කුඩා දරුවන්ටද කදුළු ගෑස් එල්ල කරන්නේ ඉවක් බවක් නැතිවය.
ඉතාම පැහැදිලිවම කිසිදු ඉලක්කයක් නොමැතිව කදුළු ගෑස් එල්ල කරන බස්නාහිර පළාතේ මෙම පොලිස් නිලධාරීන්ගේ ඉවක් බවක් නැති මේ ප්රහාරයන් එල්ල කරන්නේ කාටද යන්නවත් සිත ගත නොහැකිය.
කෙසේ වෙතත් සාමකාමී මිනිසුන්ට මෙන්ම, කුඩා දරුවන්ටද මෙසේ ප්රහාරයන් එල්ල කිරීම පිලිබදව දේශබන්දු තෙන්නකෝන් මහතා සම්පූර්ණයෙන්ම වග කිව යුතුය. මීට පෙර ද සියලුම සිදුවීම් තවමත් අළු යට ගිනි පුපුරු සේ පුපුරු ගසමින් තිබේ. නමුත් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කිනම් හෝ අවස්තාවක ඒවා පුපුරුගසමින් ඉහල නැගී සිටිනු ඇත.
කොහොම උනත් මේ සියලුම ප්රහාරයන් පිලිබදව පොලිස්පතිට වග කියන ලෙස බොහෝ දෙනෙකු ප්රකාශ කලද, පසුගිය කාලය තුල සිදු වූ සියලුම සිදුවීම් වලින් පෙන්වා දුන්නේ දේශබන්දු තෙන්නකොන් පොලිස්පතිගේ පමණක් නොවේ, නීතිපතිගේ පාලනයෙන් පවා ගිලිහි තිබෙන බවයි.