ලග්ගල හත්තොට අමුණ ව්‍යාපාරයේ අටේ ඇල 160 කුඹුර ඉඩමේ බලපත්‍ර නොමැතිව බැකෝ යන්ත්‍ර යොදා මේ වනවිට සී.ඩී වික්‍රමරත්න මහතා විසින් අනවසරයෙන් පතලක් කපමින් තිබෙන බව වාර්තා වේ. මෙහි ඇල රක්ෂිතය මිටර් 30ක් තිබිය යුතු වුවත් ප්‍රධාන ඇලට අඩි එකහමාරක් දක්වා ද කපා ඇත. කෙසේ නමුත් පොලිස්පති වික්‍රමරත්න මහතා එය ප්‍රතික්ෂේප කරන අතර ඔහුට එම චෝදනාව එල්ලවන්නේ ඔහුගේම හිතවතුන්ගේ ක්‍රියාකලාපයන් නිසාද විය හැකිය.
කෙසේ නමුත් මෙම පතල් කැනීම සිදුකරන්නේ හරක් කැරුණේ නමැති මුදලාලි කෙනෙකු බවද කියවේ. ඔහු පොලිස්පති CD වික්‍රමරත්න මහතාගේ හිතවතෙකු බවද ප්‍රකාශ කරන අතර ලග්ගල පොලිස් ස්ථානාධිපති පොලිස්පතිවරයාගේ හිටපු පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු බවද කියවේ.
අප මීට දින දෙකකට පෙර මෙම සිද්ධියේ අනෙත් සිද්ධිය වන ලග්ගල පොලිස් ස්ථානාධිපති නීතිය නමන අයුරු නොහොත පොලිස්පතිගේ මිතුරා වන කැරුණේ නමැති මුදලාලි කෙනෙකුට අවශ්‍ය ලෙස නීතිය ක්‍රියාත්මක නොකරන ආකාරයද වාර්තා කරන ලදී. එම සිද්ධිය සහ මෙම සිද්ධිය යන මේ දෙකම එකම පොලිසියකට අයත් නමුත් එක් පාර්ශ්වයකට වාසිදායක ලෙස කටයුතු කරන බව මෙම සිද්ධි සියල්ලෙන්ම පෙනී යයි. (වැඩි විස්තර සඳහා මෙහි පහත සදහන් අනෙක් පුවතද කියවන්න)
ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන ආකාරයට සහ වීඩියෝ දර්ශනවල දැක්වෙන ආකාරයට මෙම ප්‍රදේශයේ දැවැන්ත පරිසර හානියක් සිදුව තිබේ. එසේම වාර්තාවන ආකාරයට මෙම ඉඩම් රජයේ ඉඩම් වන අතර මෙම මැණික් පතල් සියල්ලම නීතිවිරෝදී අනවසර කැනීම්ය. එසේම මෙම ප්‍රදේශයේ ජනතාවට බීමටවත් ජලය නොමැතිබව ඔවුන්ගේ ප්‍රකාශ වලින්ම පෙනී යන අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විනාශයට මෙවැනි සිද්ධීන්ද විශාල ලෙසම බලපායි.
අප සෑම අවස්තාවකම පාහේ අසරණ වූ සියලුම පාර්ශ්වයන් වෙනුවෙන් අපගේ වචන භාවිතා කර තිබේ. පොලිස්පතිවරයා වෙනුවෙන්ද අප දිගින් දිගටම ලියා තිබේ. එසේම පොලිස්පතිවරයාට විරුද්ධව යම් සාක්ෂි දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මත යම් තොරතුරක් ලැබුන හොත් අප එයද පොලිස්පතිට විරුද්ධව ලියා තිබේ. මෙම සිද්ධියද පිලිබදව පහත පුවතේද අප ඔහුට විරුද්දව ලියා තිබේ.
නමුත් කරුණේ මුදලාලි සහ ලග්ගල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් එකතුව පොලිස්පතිගේ නම විකුණමින් මෙම කටයුත්ත කරනවා විය හැකි බවද අප පෙර දින ලිපියේ සදහන් කර තිබේ. අප ආයතනයේ හිමිකරු විසින් මේ පිලිබඳව පොලිස්පතිතුමාගෙන් පුද්ගලිකවම විමසීමක් සිදුකල අතර පොලිස්පති වික්‍රමරත්න මහතා එය තරයේ ප්‍රතික්ෂේප කරන ලදී. එසේම සියලුම තොරතුරු සටහන් කර ඔහුවෙත එවන ලෙසද ප්‍රකාශ කර තිබේ. එසේ නම් ලග්ගල පොලිස් ස්ථානාධිපති සහ එම ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ දෙබිඩි ක්‍රියාවන් නිසා පොලිස්පතිට දැවැන්ත හානියක් සිදුව තිබේ. එම හානිය ඔවුන් සිදුකරන්නේ සමස්ත පොලිස් දෙපර්තමේන්තුවටමය.
එසේ නම් දැන් නීතිය ක්‍රියාත්මක වැනි ඇතැයි අප බලා සිටිමු. මහජනතාවගේ පොලිස් දෙපාර්තමේන්තුව සුරක්ෂා කිරීමේ වගකීම අප සියලුම දෙනාටම තිබේ. මෙහි සදහන් වීඩියෝ දීර්ඝ වීඩියෝවක් ලෙස අප වෙත ලැබුණු නමුත් අප එය කෙටි කර තිබේ.
මීට පෙර පුවත