කොළඹ කොටුවේ ලෝටස් මාර්ගය දෙසින් ජනාධිපති කාර්යාලයට සහ මුදල් අමාත්‍යංශය දෙසට ඇති පිවිසුම් මාර්ග අවහිර කරමින් අද (20) උදෑසන විරෝධතාවේ නිරත වූ පුද්ගලයන් විසි එක් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කරන ලදී.
කෙසේ වුවත් මේ අරගල වලට හේතුව වන්නේ රට තුල පවතින දැඩි යගර ගැටලුවලට පිළිතුරු ලබා දීමට ජනාධිපති ප්රමුඛ පාලක පන්තිය කටයුතු නොකිරීමයි.
ඉන්ධන, ගෑස් මෙන්ම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉහල යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටිති. ඒ හේතුවෙන් ජනතාව දිගින් දිගටම පීඩා විදිති. නමුත් ජනාධිපති හෝ පාලක පන්තිය මේවා විසදීමට කිසිදු ක්‍රමයක් ඉදිරිපත් කිරීමට තවමත් අපොහොසත්ව සිටි. බොහෝ ජනතාවක් මේ වන විට කුස ගින්නේ සිටිති. පෝලිම් වල සිටි 13 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ ජනතාව දැන් හෙම්බත් වී සිටිති.
කෙසේ හෝ අත් අඩංගුවට ගත් පිරිස අතර භික්ෂුවක්, පිරිමි 16ක් සහ කාන්තාවන් 04ක් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරන ලදී.
පවතින ගැටලුවලට විසදුම් ලබා නොදීම නිසා මෙසේ විරෝදතා පවතින අතර ඒ හේතුවෙන් අද මහා භාණ්ඩාගාරය වෙත යාම සඳහා ඇති දොරටුව ද අවහිර කර තිබුණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ උද්ඝෝෂණයේ නිරත පිරිස එම පිවිසුම් මාර්ග අවහිර කරමින් අට්ටාල සවිකර තිබු බවත්, ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා සේවයට වාර්තා කිරීමට මුදල් අමාත්‍යංශයේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට මහත් දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සිදු වූ බවයි.
කෙසේ හෝ මෙසේ අරගල කරන්නේ මෙරට සියලුම වැසියන් වෙනුවෙන් වුවත් බොහෝ වැසියන් එයින් ඉවත්ව සිටි. නමුත් තැන තැන අරගල ඇතිවෙමින් තිබේ. රටක ජනතාව දුක් විදින්නේ නම්, දුක් විදීම හේතුවෙන් ජනතාව අරගල කරන්නේ නම් එයින් කියවෙන්නේ එරට පාලකයන්ට රටේ ජනතාවගෙන් වැඩක් නැති බව සේම, රාජ්‍ය බලය යොදා පිඩිත පන්තිය යටපත් කරනුයේ ජනතා අරගල යටපත් කිරීමට වුවත් එයින් සිදුවන්නේ තව තවත් විනාශය කර මෙරට ගමන් කිරීම පමණි.
කෙසේ වුවත් පවතින නීතියට අනුව නම් එසේ පිවිසුම් මාර්ග සියල්ලම වසා දැමිය නොහැකි නමුත් එසේ අරගල පවතින්නේ ඇයිද යන ප්රශ්නය මත ඒවාට විසදුම මෙන්ම පිළිතුරු ද ලැබේ. රටක ගිනි නිවීමට අරගල කරන්නේ නම්, රටේ සත්‍ය ලෙසම දුක් ගින්දර තිබේ නම් එය අපරාධයකි. වරදට හේතුව කුස ගින්න නම්, එය රට ජනතාව වෙනුවෙන් පවතින්නේ නම් ඔවුන් කිසිවෙක් වරදක් කර නැත.එය නීතිය තුල සඳහන්ව තිබේ. අපරාධවලින් ජනතාව මුදවා ගත යුතුය. නමුත් අරගලකරුවන් අත් අඩංගුවට ගෙන ගොස් එසේ නඩු පැවරීමෙන් සිදුවන්නේ රටට අපරාධකරුවන් බිහිවීම පමණි. එබැවින් රජයක් ලෙස අවධානය යොමුකළ යුත්තේ මෙසේ අත් අඩංගුවට පත් වන ජනතාව අත් අඩංගුවට ගෙන අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමට නොව. ඔවුන්ද , රටද බේරා ගැනීමටය.