(වීඩියෝ) රුවන්වැලිසෑයේ තවත් පුරාවස්තු මංකොල්ලයක්. යුගයේ අපකීර්තිමත්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂක මර නින්දේ.

රුවන්වැලි සෑයේ පුරාවිද්‍යාත්මක වටිනකමක් ඇති ස්ථානයක් විනාශ කරමින්, මහා සෑයේ මළුවට ඇතුල්වන ස්ථානය අසල තිබු සඳකඩ පහන සහ දෙපස තිබු මුරගල් ද අතුරුදහන් පුවතක් වාර්තා වේ.

එම වීඩියෝවට අනුව එම ස්ථානයේ නව ඉදිකිරීමක් සිදුව තිබෙන අතර පෞරාණික භාණ්ඩ එම ස්ථානයේ නොමැති බවද පෙනේ. කෙසේ වුවත් පෞරාණික ස්ථානයක එවැනි ඉදිකිරීම් කිරීමට පුරාවිද්‍යා ආඥා පනතට අනුව නීතියෙන් තහනම්ය.

වර්තමාන පුර විද්‍යා අධ්‍යක්ෂකගේ කාලය තුල පෞරාණික ස්ථාන රාශියක් විනාශ වී තිබේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාව, විවිධ පැරණි විහාර සහ දේවාල මෙන්ම පැරණි බවට නම් කර තිබෙන බොහෝ ස්ථානවල මෙසේ විවිධ විනාශ වීම් සිදුව තිබේ. එසේම පැරණිතම පුරාවිද්‍යා උපකරණ ජාතියට අහිමි වන්නේද වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂකගේ යටතේය. ඒ කොට වෙහෙරේ පෞරාණික භාණ්ඩ අහිමි වීමයි.

එසේම බෞද්ධයන්ගේ මුදුන්මල් කඩවල් ලෙස සලකන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම රුවන් වැලිසෑයේ නිදන් වස්තු මංකොල්ලයන් සහ විවිධ විනාශයන් සිදු වුවත් ඒවාට වගකිව යුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්, බෞද්ධ  කටයුතු කොමාසාරිස් හෝ ශ්‍රී ලංකා පොලිසිය තවමත් නිදි වස්ත්‍රයෙන් සැරසී සිටිති.  

ශ්‍රී ලංකාවේ ඉතිහාසය විනාශකිරීමට අනුබල දෙන පුද්ගලයා ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් අනුර මනතුංගද, බෞද්ධාගම විනාශ කිරීමට ආධාර අනුබල දෙන පුද්ගලයා ලෙස බෞද්ධශාසන කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුමද ඉතිහාස ගතවන්නේ ජාතියත් ආගමත් විනාශ කල තවත් විනාශකාරී රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු ලෙසය. එසේම අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවෙන් නික්ම යාමෙන් පසු,  බුදුදහම දැවැන්ත ලෙස පරිහානියට පත් වන්නේත්, ආගමික විනාශය සිදුවන්නේත්, වැඩිම පුරාවිද්‍යා ස්ථාන විනාශයන්  සිදුවන්නේත් මෙම රාජ්‍ය නිලධාරීන් දෙදෙනාගේ සමයේදීය .  

Exit mobile version