ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලංකාවෙන් පිටත්ව ගියේ පසුගිය 7 වැනිදා බව අප වාර්තා කලේ ද එදිනමය.ඒ කටාර් බලා බවයි. අප එය ලබා ගත්තේ තහවුරු නොකරන ලද විදේශගත තොරතුරු හරහාය. කෙසේ වුවත් ඔහු දැන් ආගිය අතක් නැත. ඔහු මුහුදේ සිටින්නේ නම් නාවුක හමුදාව බාරයේ ඇත. ගුවන් ගත වුයේ නම් එය ගුවන් හමුධාපති දනී.
අරගලයත් සමගම ගුවන් ගත වීමට ලේසි නැත. නැව් මාර්ගයෙන් ද විදේශගත විය නොහැක. ඒ දෙකම කරන්න නම් රාජ්ය තාන්ත්රික වශයෙන් කල යුතු දේවල් එක් දිනකින් දෙකකින් කල හැකි දේවල්ද නොවේ.
මේ රට ගිනි ගැනීමට පෙර ද ශ්රී ලංකාවේ කතානායකගේ හැසිරීම නින්ධිත විය. ( විදියෝවෙන් බලන්න). ජනාධිපතිවරයා ගැන අද BBC පුවත් සේවයට පැවසූ ප්රකාශය ඔහු පසුව ඉවත් කරගත්තේය. ඔහු BBC පුවත් සේවයට පැවසුවේ ජනාධිපතිවරයා ශ්රී ලංකාවෙන් නික්ම ගිය බවයි. නමුත් පසුව කීවේ එය වැරදීමකින් කියවී ඇති බවයි.
මෙහෙමත් වගකීම් විරහිත කතානයකවරු ඉන්න රටක් මෙහෙමවත් තිබීම ගැන අපට නම් සතුටු විය හැකිය. නමුත් ලංකාවේ නායකයන් ගැන ලෝකයෙන් ලැබෙන අවමානයෙන් බාගයක් ශ්රී ලාංකික ජනතාවටද උරුම බව අමතක නොකළ යුතුය.