විසදුමක් නැතිව වසර 50 ක් තිස්සේ පීඩාවට ලක්ව සිටින වැලිගෙපොල හඳගිරියේ ඉත්තගලයාය ගොවි ජනතාවගේ ප්රශ්නය අද (05) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්චාවේදී ශ්‍රී රාවණා ලංකා පුවත් සේවයේ ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා විසින් වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත් කරන ලදී.
එහිදී ගරු අමාත්‍යවරයා විසින් එම කටයුත්ත වෙත අවධානය යොමුකරමින් කල හැකි කාර්යයක් නම් එය ඉටු කල දෙන බවද ඒ පිලිබදව සම්පූර්ණ විස්තරය සදහන් කරමින් හැකි ඉකමනින් ලිපියක් යොමුකරන ලෙස බලධාරීන්ට දැනුම් දෙන ලෙසද සදහන් කරන එම අවස්තාවේ ඉල්ලා සිටින ලදී.
ඒ අනුව හැකි ඉකමනින් එම සම්පූර්ණ විස්තරය සදහන් කරමින් වනජීවී අමාත්‍යවරයාගේ අවධානයට එම ලිපිය යොමුකිරීම සදහා මෙම පුවත රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමියගේ සහ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම්තුමාගේ අවධානය පිණිස පලකරන ලදී.