(වීඩියෝ) සනත් නිශාන්ත සහ දේශබන්ධු අධිකරණයට අපහාස කරයි.

මැයි 9 වැනිදා ගාලු මුවදොර අරගල භූමියට පහර දීමේ ප්‍රධාන චුදිතයෙක් වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාය. එයට වගකිව යුතු ඉහලම රාජ්‍ය නිලධාරියා ලෙස නම් වන්නේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාය. නමුත් සනත් නිශාන්ත මහතාට යම් අයුරකින් නිතිය ක්‍රියාත්මකව තිබුනත් දෙශ්බන්දු සුපුරුදු දේශපාලන රැකවල් මැද පන්දු කෙලියේ යෙදෙති. එය තව කෙතරම් කාලයක් ඔහුට සිදුකිරීමට හැකි වේවිද, එසේත් නොමැතිනම් ඔහු පොලිස්පති බවට පත් වේවිද යන්න දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මාධ්‍ය සාකච්චාවක් කැදවමින් නීතිවේදීන් සහ අධිකරණයට එරෙහිව ප්‍රකාශයක් සිදුකරන ලදී. එම ප්‍රකාශය රංජන් රාමනායක මහතා කල ප්‍රකාශය හා සාමාන වේ. ඔහු එම ප්‍රකාශයෙන් අධිකරණවල ක්‍රියාකාරිත්වය මෙන්ම නඩු තීන්දු පිලිබඳවද විවේචන කරන ලදී. නීතියට අනුව එසේ විවේචනය කිරීම අධිකරණයට අපහාස කිරීමකි. නමුත් එය නඩු විභාගයකදී අධිකරණය විසින් ගන්නා තීරණය අනුව අපහාසයක් නොවීමටද ඉඩ තිබේ. කෙසේ වෙතත් නීතියට අනුව ඔහුට විරුද්ධව මේ වන විටත් නඩු පැවරීමට පොලිසිය කටයුතු කල යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඔහු රංජන් සේ ඉල්ලාගෙන කෑමක් කරන බව මෙන්ම ඔහුගේ ගමන් මාර්ගය ම්ලේච්ච ගමන් මාර්ගයක් බව මාධ්‍ය සාකච්චා කිහිපයකදීම පෙන්නුම් කර තිබේ.

ඔහු කල යුත්තේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුව භාවිතා කිරීමයි. කරන ප්‍රකාශයන් සෘජුවම ප්‍රකාශ කිරීමට කොන්දක් තිබිය යුතු වුවත් රටේ පවතින නීතිය කුමක්ද යන්න තේරුම් ගෙන කටයුතු කිරීම මන්ත්‍රීවරුන්ගේ වගකීමකි. තමන්ගේ පුද්ගලික මතවාදයන්වලට වඩා ඉහලින්ම තිබෙන්නේ ජනතා මතවාදය මෙන්ම නීතිය බව කවුරුත් අමතක නොකළ යුත්තේ තමන්ට දඩුවම් ලැබෙන්නේ නීතියට අනුව බැවිනි.

අධිකරණය විවේචනය කරන අවස්තාව ( වීඩියෝවේ අයිතිය මුල් හිමිකරුවන්ගේය)

දේශන්බදු තෙන්නකොන් මහතාද එසේමය. ඔහු කරනා, කියනා සියලුම දේවල් මේ වන විටත් පටිගත කිරීම් ගණනාවක්ම තිබේ. ඔවුන් කටයුතු කරනුයේ පවතින නීති රාමුවට පිටින් ගොස් පිස්සන් සේය. ඔවුන්ගේ මනස යම් විකෘත්ති තත්වයක තිබෙන්නේද යන්න පැහැදිලි නැත. දේශබන්ධු තෙන්නකෝන් මහතාට අවශ්‍ය ලෙස නොහොත් සනත් නිශාන්ත මහතා වැනි අයටද අවශ්‍ය ලෙස නොහොත් නීති විරෝදී ඉල්ලීම් සහ නියෝග ක්‍රියාත්මක නොකරන පුද්ගලයන්ට ඔඋන් වෛර කරති. දේශබන්දු මහතාගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කල කඩුවෙල මහේත්‍රාත්වරියගේ ආරක්ෂාව ඉවත් කිරිමටද ඔහු කටයුතු කර තිබුනේය. ඔහු එහිදීද සිදුකලේ බරපතල ඝනයේ අපරාධ ක්‍රියාවකි. නමුත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ අඩුම තරමින් පරීක්ෂණයක්වත් පැවැත්වීමටවත් පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බවට වාර්තා නොවේ.

නීතියට පිටුපාමින් තව දුරටත් කටයුතු කරමින් යන මේ ගමන් මාර්ගය අවසන් වනු ඇත්තේ තවත් පිපිරීම් ගණනාවකිනි. දැන් කල යුත්තේ අරගලය හේතුවෙන් නඩු පවරා තිබෙන, සිරගතව සිටින සියලුම දෙනාත් මැති ඇමැතිවරුත් දේශබන්දු ඇතුළු චෝදිත මෙන්ම චෝදනා නොලත් වගකිව යුතු සියලුම දෙනා එකතුව මාර්තු 31 සිට සිදු වන මෙම වෛරය අවසන් කිරීමයි. එය ජනාධිපතිට සිදුකල හැකිය. ඒ සදහා කල යුත්තේ සියලුම දෙනාගේ එකගත්වයෙන් ජනාධිපති විමර්ශන කොමිෂමක් පත් කර යෝජනා, චෝදනා, හානි ඇතුළු සියලුම දේ සොයා සියලුම දෙනාට සාධාරණයක් ඉටුකර මේ ගැටලුව නිමා කිරීමයි. ඒ සදහා අධිකරණවල පවතින නඩුද තාවකාලිකව නැවැත්විය යුතුය.

ඒ ආකාරයෙන් කටයුතු සිදු නොවීම තවත් දැඩි විනාශයක් සිදුවිය හැකි අතර මැති ඇමතිවරුන්ට මෙන්ම දේශබන්දු ඇතුළු වගකිව යුතු සියලුම නිලධාරින්ටද ආණ්ඩු මාරු සමගම සිපිරිගෙට යාමට සිදුවනු ඇත. එසේම අරගලකරන සාමන්‍ය වැසියන්ද තව තවත් අමාරුවේ වැටෙනු ඇත.

පසුගිය මැයි මස 6 වැනිදා අප පලකල පුවත

https://www.ravanalankanews.lk/11510/05/%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%bd-%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%9c/04/23/
Exit mobile version