වීදි ලාම්පුවල බිල්පත් ගෙවීම නගර සභා සහ ප්‍රදේශීය සභාවට.

මාර්ග දෙපස දැල්වෙන වීදි ලාම්පු සදහා වන බිල්පත් මේ වන විට ගෙවනු ලබන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය බවත් මාර්ග සංවර්ධන අධිකාරියට මාර්ග නඩත්තු කිරීමේ කටයුතු මේ දිනවල ඉතා අපහසුවෙන් සිදු කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් මහතා ප්‍රකාශ කරන ලදී.

එම හේතුවෙන් වීදි ලාම්පු සදහා වන බිල්පත් ගෙවීම අදාළ නගර සභා වලට සහ ප්‍රාදේශීය සභාවලට ඉදිරියේදී ගෙවීමට සිදු වන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන ලදී.

Exit mobile version