පසුගිය 19වනදා රාත්‍රියේ සිදු වූ පවුල් ආරවුලක් දුරදිගයාමෙන් 14 හැවිරිදි දරුවෙක් වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු තවත් පුද්ගලයෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (21) රාත්‍රියේ දී වීරකැටිය පොලිසිය ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්ෂිත කැලෑබද ප්‍රදේශයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ.
වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවිය ද සැකකරුගෙන් ප්රශ්නකිරීමෙන් අනතුරුව සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන ඇත.
තංගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර සැකකරුවන් අද (22) වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.