වීරකැටියේ සිසුවා කොටු කරන්න පොලිස් මෙහෙයුමක්. වීරකැටිය පොලිස් කුමන්ත්‍රණය ළමයෙකුට විරුද්දව

.

ශ්‍රී ලංකාව තුල කාලාන්තරයක් තිස්සේ පැවති නීතිවිරෝදී කටයුතු හේතුවෙන් වර්තමානය වන විට සියලුම සමාජ පද්ධතීන් පුපුරා ගොස් නීත්‍යානුකූලව පිහිටුවා ඇති බලාධිකාරින් නොහොත් රාජ්‍ය ආයතන ඇතුළු ආරක්ෂක අංශද නීතිවිරෝදී වැඩ කරන කණ්ඩායම් බවට පත්ව තිබේ.

එහි ප්‍රතිපලයක් ලෙස වැඩිහිටි ප්‍රජාව දරුවන්ට මෙන්ම තරුණ තරුණියන්ටද එරෙහිව නීතිවිරෝදී ක්‍රියාවන් සිදුකරමින් සිටින අතර සාමාන්‍ය සමාජය තුලින් මෙන්ම රාජ්‍ය ආයතනවල සේවකයන්ගෙන් පවා දිනපතාම  වාර්තා නීති විරෝදී නොකර හැරීම් නොහොත් නීතිවිරෝදී ක්‍රියාවන්ය. ඒවා දිනපතාම පුපුරුගසමින් අළුයට යට සැගවෙමින් මතුවෙමින් නැවත සැගවෙමින් පවතී.

අනෙක් සියලුම කාරනාවලට වඩා ඉහලින්ම අපට දක්නට ලැබෙන්නේ දරුවන්ගේ කටයුතුවලදී පවා නීතිය ක්‍රියාත්මක වන්නේ බලය සහ යහළු මිතුරුකමින් සිටින පුද්ගලයන්ගේ හිත මිතුරුකම්වලට අනුවය. අපට ලැබී තිබෙන සත්‍ය තොරතුරු වලට අනුව නම් ළමයින්ට සිදුවන කාරනාවලදී වුවද ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂක අධිකාරිය නින්දිත පිළිවෙලක් අනුගමනය කරයි. ඔවුන්ගේ හැසිරීම නම් ළමයි නැති වැඩිහිටියන් සේ බවද අප වගකීමෙන් සදහන් කරන්නේ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් පිලිබඳව අප සතුව තිබෙන සාක්ෂි අනුවය.

වීරකැටිය ඩි ඒ රාජපක්ෂ විද්‍යාලයේ අවුරුද්දක් පාසල් යාමට ඉඩ ලබා නොදුන් ශිෂ්‍යා වෙනුවෙන් ළමා වගකිව යුතු රාජ්‍ය ආයතන ලෙස ශ්‍රී ලංකා පොලිසිය වීරකැටිය මෙන්ම  ළමා ආරක්ෂක අධිකාරිය කල යුතු කිසිම කර්තව්‍යක් සිදුකර නැතිබවට අප වෙත තොරතුරු ලැබී තිබේ. කෙසේ වෙතත් ළමා ආරක්ෂක අදිකාරියේ නිලධාරීන්ගේ මෙන්ම වීරකැටිය පොලිස් ස්තානධිපතිගේ මෙන්ම අදාළ විදුහලේ ගුරුවරුන්ගේ සහ විදුහල්පති විසින් එම සිසුවාට විරුද්දව යටින් ගෙනියන ගින්නක් නොහොත් ඔහු අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසීමට අවශ්‍ය කටයුතු මේ වෙද්දීත් සිදුව තිබේ.

එම සිදුවීම කුමක්ද යන්න අප ඉදිරියේදී එළිදරව් කරන අතර එම දරුවාට විරුද්දව මේ වෙද්දීත් තංගල්ලේ කාල්ටන් නිවසට ගිනි තබන අවස්ථාවේ එහි සිටි බවට පොලිසිය චෝදනා ඉදිරිපත් කර තිබේ. නමුත් එහි සිටි බවට හෝ එහි සිට වීඩියෝ කිරීම තුලින් ඔහුට විරුද්දව කිසිම චෝදනාවක් ඉදිරිපත් කිරීමට ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල නීතිමය ප්‍රතිපාදන නැත. නමුත් එම බාලවයස්කාර සිසුවාට සිදුකරන ලද අකටයුත්ත එරෙහිව විදුහල්පතිට සහ අදාළ ගුරුවරුන්ට විරුද්දව නඩු පැවරීමට ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල වගන්තීන් ඕනා තරම් තිබේ.

එසේම එසේ නීතිය ක්‍රියාත්මක නොකරන වීරකැටිය පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනද ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල පැහැදිලිවම දක්වා තිබේ. දරුවෙකුට සිදු වූ අසාධාරණයට විරුද්දව ක්‍රියාත්මක නොවන නීතිය සහ බලධාරීන් කුමකටද රජයෙන් වැටුප් ලබන්නේ. නමුත් ඒ වෙනුවට ඔහුට අසාධාරණය කල පුද්ගලයන් සහ පොලිසිය  එකතුව ගොරක දඩමස් කරන්නට සැරසෙන්නේ නම් එසේ කරන පුද්ගලයන් මෙන්ම පොලිස් නිලධාරින්ටද ඊටත් නොදෙවෙනි ලෙස දඩුවම් විදීමට සිදුවනු ඇත.

එබැවින් දූෂිත වැඩ කරන්න වූ සියලුම නිලදාරීන්ට මෙන්ම වීරකැටියේ නිශාන් ප්‍රබෝධන සිසුවාට විරුද්දව කටයුතු කරනා සහ ඒ සදහා සැලසුම් කරනා වීරකැටිය පොලිසියේ සිට ඉහලට වගකිව යුතු කොඨිඨාශ බාර පොලිස් නිලධාරින්, ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ටද ඇතුළු සියලුම දෙනාට දගලන්නට වන්නේ “ ජලය රත් වෙන තුරු පමණි”. එතෙක් කරනම් ගසනා ඔවුන්ට සෘජුවම පිළිතුරු ලබා දීමටත්, එම කාලය තුල ඔවුන්ගේ දේශපාලන බලපුලුවන්කාරකම් වලටද කිසිවක් කිරීමට නොහැකි වනු ඇත.

එබැවින් දරුවන්ගේ කටයතු වලදී දරුවන්ගෙන්ම පලිගැනීමට කටයුතු කරනා ඔවුන් සැබෑ පොලිස් නිලධාරීන් හෝ පොලිසිය සමග එක්ව විවිද කුමන්ත්‍රණ සිදුකරන ගුරුවරුන්ද , ඒවාටම උල්පන්දම් දෙන ළමා ආරක්ෂක අධිකාරියද අනාගතපරපුරට අපරාධකරුවන් දායාද කරන්නේ ඔවුන්ටද දරුවන් නැති සේ කටයුතු කරමින් වීම ලංකාවේ අනාගත පරපුරම ලද දැවැන්ත අවාසනාවකි.   

Exit mobile version