ආගමන හා විගමන සංශෝධන පනත් කෙටුම්පත මගින් වීසා බලපත්‍ර කාලසීමාව වසර 05ක් දක්වා දීර්ඝ කිරීමට නියමිත අතර විදේශ ආයෝජන දිරිගැන්වීමේ අරමුණින් මෙලෙස කාලසීමාව දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
ඊයේ (22) දිනයේ දී අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට අදාළ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති අතර එහිදී අදාළ පනත දෙවනවර කියවීමට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කාරක සභාවේ එකඟතාවය ලැබී ඇත.
1948 අංක 20 දරන ආගමන සහ විගමන පනතේ 14 වන වගන්ති සංශෝධනයට ලක්වන අතර දැනට වීසා ලබාදිය හැකි කාලසීමාව වසර 2 සිට 5 දක්වා දිර්ඝ කිරීමට නියමිතව ඇති අතර තවදුරටත් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් වීසා ප්රදානය කළ හැකි කාලසීමාව වසර 5 සිට 10 දක්වා වැඩිකිරිමටද නියමිත බවයි වාර්තා වන්නේ.