මහනුවර පොලීස් වංචා දුෂණ විමර්ශන අංශය විසින් මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගේ සහෝදරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර පොලීසිය වෙත, කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්යයේ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද පරිදි ව්‍යාජ වීසා බලපත්‍ර සකස් කර දුන්නේ යැයි කියා ලැබුණු පැමිණිල්ලක් අනුව මහනුවර පොලිසියේ වංචා දුෂණ විමර්ශන අංශය විසින් අදාළ සැක කරු අත්අඩංගුවට ගෙන ඇත.
තවද පොලිසිය සදහන් කර ඇත්තේ ඩුබායි හි රැකියා ලබා දෙන පවසමින් මුදල් වංචා කළ බවට ඔහුට විරුද්ධව තවත් පැමිණිලි තුනක් ලැබී ඇති බවයි.
පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්වේ.