වී අස්වනුවලට සාධාරණ මිලක් ඉල්ලා ගොවීන් විරෝධතා

මහ කන්නයේ වී අස්වනු නෙලා අවසන් වුවද තවමත් ඊට සාධාරණ මිලක් නොලැබෙන බවට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් මැසිවිලි නගන බවට වාර්තා වේ.

මේ අනුව පොළොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීන් පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වූයේ වී අස්වනු සදහා සාධාරණ මිලක් බලාපොරොත්තුවෙන්ය.තවද පොළොන්නරුව කිරිමැටිය හා මින්නේරිය දම්සෝපුර ප්‍රදේශවල ගොවින්ද වී සදහා සාධාරණ මිලක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවට වාර්තා වේ.

අස්වනු නෙලීම ආරම්භ වීමත් සමග වී මිල සීඝ්‍රයෙන් පහල බැසීම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති අතර පෞද්ගලික වී මෝල් හිමියන් වී කිලෝවක් 70ක් 80ක් වැනි මුදලකට මිලදී ගන්නා බවට වාර්තා වේ.ඒ අනුව අස්වනු නෙලීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදු වීම හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවට වාර්තා වේ.

Exit mobile version