කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ, වී සහ සහල් පනවා ඇති පාලන මිලට එරෙහි විරෝධතා ඇතැම් පුද්ගලයින්ගේ මෙහෙයවීම මත සිදුකෙරෙන බවයි.
අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ වී සඳහා උද්ඝෝෂණ සිදුකරන්නෙත් හාල් මාෆියාව ඇත්තෙත් පොළොන්නරුවේ පමණක් බවත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න ගොවීන් පමණක් උපයෝගී කරගනිමින් උද්ඝෝෂණ පවත්වන බවත් ය.
ලියාපදිංචි නොකළ වී ගබඩා පරීක්ෂා කිරීම තවදුරටත් සිදුකෙරේ.
ඒ අනුව ඊයේ (20) දිනයේ දී ද නොච්චියාගම හා ගල්කිරියාගම ප්‍රදේශවල ලියාපදිංචි නොකළ වී ගබඩා 02ක් අනුරාධපුර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව වටලා ඇති බව වාර්තාවෙයි.
එම වැටලීමෙන් නොච්චියාගම ප්‍රදේශයේ වී ගබඩාවක තිබී වී කිලෝ ග්‍රෑම් 40,000ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිය භාරයට ගෙන ඇත.
එමෙන්ම වී කිලෝ ග්‍රෑම් 250,000ක් ගල්කිරියාගම ප්‍රදේශයේ වී ගබඩාවක තිබී පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිය භාරයට ගෙන ඇති අතර පසුව එම වී තොගය ගල්කිරියාම රජයේ වී ගබඩාව වෙත ගෙන ගොස් ඇත.
එලෙස ලබාගත් වි සඳහා රජයේ සහතික මිල යටතේ මුදල් ගෙවීමට නියමිතව ඇති අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් පවසන්නේ රජය විසින් පනවා ඇති පාලන මිල හේතුවෙන් තමන්ට වී අලෙවිකරගත නොහැකි තත්ත්වයක් උදා වි ඇති බවයි.