අම්පාර දිස්ත්රික්කයේ දි හෙට (13) සිට මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා වන කාබනික පොහොර බෙදා දීම ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්යංශය තීරණය කර ඇත.
අම්පාර දිස්ත්රික්කයේ මෙන් ම ඊට සමගාමීව අනෙකුත් දිස්ත්රික්කවල ද පොහොර බෙදා දීම සිදුවන බවයි කෘෂිකර්ම අමාත්යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
එලෙස පොහොර බෙදා දීමේ දී අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල ,ත්රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට හා පුත්තලම යන වී වගාව බහුලව සිදුකරන දිස්ත්රික්ක සඳහා ප්රමුඛතාව ලබාදෙන බව ද එම නිවේදනයේ සඳහන් ව ඇත.