වී ගොවියා කබලෙන් ලිපට වැටේද?

වී ගොවියා පොහොර්, වල්නාශක, කෘමිනාශක හා ඉන්දන වියදම් හේතුවෙන් ඉතා දුෂ්කරතා මැද රටට බත සැපයීමට වෙර දරමින් සිටින මොහොතක ඇතිව ඇති හදුනා ගත නොහැකි රෝගයක් දිස්ත්‍රීක කිහිපයක  පැතිර යාම හේතුවෙන් එම ගොවියන් දැඩි අපහසු තාවයකට ලක්ව සිටී.

බලධාරීන් පවසන්නේ පවතින රෝගී තත්වය නිසියාකාරව හදුනාගන්නාතෙක් හිතු මතේ කෘමි නනාශක යෙදීමෙන් වැළකී සිටින ලෙසයි.

එවන් රෝගී තත්වයක් සම්බන්දව උපදෙස් ලබාගැනීමට 037 2258561 අංකයට හෝ 1920 කෘෂි කර්ම තොරතුරු සේවය අමතා ලබාගන්නා ලෙස බතලේගොඩ වී පරේෂණ හා සංවර්ධන ඒකකයේ අද්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක දැනුන් දී තිබේ.

එසේ නොමැතිනම් තම ප්‍රදේශයේ කෘෂි ව්‍යාප්ති නිලධාරී කාර්යාලයට දැනුම් දීමට කටයුතු කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටි.

කෙසේ වෙතත් කෘමි රෝග හා පෝෂණ ඌණතා රෝගයන් දිස්ත්‍රීක්ක කිහිපයක් පුරා වී වගාව අශ්‍රිතව පැතිර යන බවත් පසුගිය මාසයේ ලංකාවට බල පැ අදුරු කාලගුණ තත්වයත් මෙම රෝගය පැතිර යාමට බලපා තිබේද යන්න සොයා බලන බව ආචාර්ය ජයන්ත සේනානායක පවසා ඇති බව වාර්තා වේ.

Exit mobile version