ජාතික ගොවි සමුලුවේ නියොජිතයන් සමග පැවති සාකච්ඡාවකට එක් වූ කෘෂිකර්ම අමාතය්ය මහින්ද අමරවීර මහතා විසින් පවසා සිටින්නේ ජනපති වී මිලදී ගැනීම සදහා බිලියන 20ක් මුදලක් ලබා දීමට සූදානම් බව අමාතය්ය මණ්ඩලයට දැනුම් දුන් බවයි.
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව වී කිලෝග්රෑම් 01ක් රුපියල් 100ක් බැගින් මිල දී ගැනීමට කටයුතු යොදා ඇති බව කියයි.
මෙවර දිස්ත්රික් ලේකම්වරුන් මිල දී ගන්නා වී මාස දෙකක් යන තෙක් අඩු ආදයම්ලාභී පවුල් ලක්ෂ 20කට එක් පවුලකට මාසයකට කිලෝ 10ක් බැගින් ලබා දීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වේ.