වී මිල තීරණය කරන්න ගොවි නියෝජිතයන් තිදෙනෙක්.

ගොවි නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව වී මිල තීරණය කිරීමේ කමිටුව සදහා දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් දිස්ත්‍රික් 25 හේම ගොවි සංවිධාන නියෝජිතයන්ගේ එකගත්වය මත  ගොවි නියෝජිතයින් තිදෙනෙක් පත් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර සිටියේ වී මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අතර එම මුදල් ප්‍රමාණවත් නොවුනහොත් තවත් රුපියල් බිලියන 10ක් වෙන් කිරීම සදහා ජනාධිපතිවරයා තීරණය කළ බවයි.

එමෙන්ම මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් සිදු නොකරන අතර ඒ සදහා රජය විසින් වී මිලදී ගැනීම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සිදු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා කරයි.

Exit mobile version