වී වගාව විනාශ කළ වටපණු රෝගය .

තිස්සමහාරාමයේ සහ ලුණුගම්වෙහෙරේ වී වගාවට නේමටාඩෝ නම් වටපණු රෝගය වැලදී කුඹුරු අක්කර එකොළොස්දහසක් පමණ දැනට විනාශ වී යන බව ගොවින් චෝදනා කරයි . එසේ වී වගාව විනාශ වීමට හේතුව පසු ගිය කන්නයේ ප්‍රමිතියෙන් තොරව ලබා දුන් කාබනික පොහොර සහ කාබනික දියර බව ගොවීන් ප්‍රකාශ කරයි.

ලබා දුන් එම කාබනික පොහොර වල පණුවන් සිටින බවට ගොවීන් චෝදනා කළද ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලදී එවැනි දෙයක් තහවුරු නොවූ බව බතලේගොඩ වී පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි .

එසේ වටපණු රෝගය ඇති වූ වගාවන් විනාශ වීම වලක්වා ගැනීමට නොහැකි නිසා වගාවන් අත්හරින ලෙස වී පර්යේෂණ ආයතනය උපදෙස් දී ඇත.

Exit mobile version