වී වලටත් කෘමි බෝවෙයි

කෘමි විශේෂ තුනක් හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක වී වගා හෙක්ටයාර 20,000 ක පමණ ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇත.

මෙලෙස බලපා ඇත්තේ සුදු පිට පැළ කීඩෑවා ,දුඹුරු පැළ කීඩෑවා සහ කොළ හකුලුවන දළඹු උවදුරයි.

දැනට මෙම රෝගී තත්ත්ව උතුර ,නැගෙනහිර ,උතුරුමැද පළාත්වලින් වාර්තා වී තිබෙන අතර මෙම රෝගී,තත්ත්ව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලනී පරසුරාමන් ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.

කුඹුරුවල මෙම කෘමීන් සිටීනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කරන ලෙසටත් නිර්දේශිත පලිබෝධ නාශක පමණක් යෙදීමට පියවර ගන්නා ලෙසත් ඇය වැඩිදුරටත් දැනුම් දුන් බව වාර්තා වී තිබේ.

Exit mobile version