වී සදහා සහතික මිලක් නියම කරයි.

මුදල් අමාත්‍යාංශය මගින් මහ කන්නයේ දී මිල දී ගැනීම සදහා සහතික මිලක් ප්‍රකාශයට පත් කරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය ලේකම් ගුණදාස සමරසේකර මහතා ප්‍රකාශ කරන ලදී.ඒ අනුව වියළි වී කිලෝවක් රුපියල් 100 කටත් තෙත වී කිලෝවක් රුපියල් 88කට ද මිලදී ගැනීම සදහා මිල නියම කර ඇති බව ද කියයි.

මේ සදහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 ක් බව වාර්තා වේ.

වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල පිළිබද සාකච්ඡා කිරීම සදහා වී මිලදී ගැනීමට සම්බන්ධ සියලු නිලධාරීන් කැදවා අද (14) දින බත්තරමුල්ල , අකුරේගොඩ හමුදා මූලස්ථානයේදී පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන ලදී.මෙම සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැදවා ඇති බව කියයි.

Exit mobile version