වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී අද (13) පැවැත්වෙන බව වාර්තා වේ.
මෙම සාකච්ඡාවට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය , වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය , ලංකා බැංකු සේවක සංගමය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , විදුලි ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති 40ක් එක් වූ බව කියයි.