වෘත්තීය ක්ෂේත්‍ර රැසක් අද දින විරෝධතාවයක්

ශ්‍රී ලංකාව තුළ පවතින රජය විසින් පනවා ඇති අධික බදු වලට විරෝධතාවය දකවමින් අද (08) දින උදෑසන 08 සිට හෙට (09) දින උදෑසන 08 දක්වා පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්ෂේත්‍ර කිහිපයක සිදු වෙමින් පවතී

වෛද්‍යවරුන් ගේ එම වෘත්තීය ක්‍රියා මාර්ගයට තම සහය ලබා නොදෙන බව හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේය.

බදු ප්‍රතිපත්තියට සහ සේවකයන්ට මෙතෙක් නොගෙවූ හිග මුදල ලබා දෙන මෙන් ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අද දින අසනීප නිවාඩු වාර්තා කරමින් විරෝධතාවයට එක්වී තිබේ.

තවද මෙම බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සන්වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද පස්වරැ 02:00 ට කොළඹ හයිඩ් පිටිය කේන්ද්‍ර කර ගනිමින් විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.

නමුත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්‍ය කපිල සේනානායක මහතා පවසා සිටින්නෙ රට තුළ පවතින ආර්ථික තත්තවය හේතුවෙන් කෙටි කාලීන විසදුමක් ලෙස මෙම බදු පැනවීම සිදු කළ යුතු බවයි, තවද මෙම බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ඉතා අඩු ප්‍රතිශතයක් බවද එතුමා තව දුරටත් පවසයි.

Exit mobile version