විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ මෙක්සිකෝවේ ඊසානදිග මොන්ටෙරේ නගරයේදී හයදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
මියගිය අය අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින අතර මල සිරුරු සියල්ල නිවසක අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ.
මෙලෙස වෙඩි තබා ඝාතනයට ලක්වූවන්ගෙන් වැඩි දෙනෙකුගේ දෑත් බැඳ තිබු බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.
මෙම ඝාතනයන් කවුරුන් විසින් කලේද යන්න වාර්තා නොවේ.