අද (18) පස්වරු 01.30 ට පමණ ගාල්ල – දඩල්ල ප්‍රදේශයේදී මාර්ගයේ රැදී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගොස් තිබේ.
වාර්තා වන ආකාරයට ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර මෝටර් රථය ගාල්ල දෙස සිට පැමිණ ඇති අතර වෙඩි තැබීමෙන් අනතුරුව එය යලි ගාල්ල දෙසට ධාවනය කර ඇති බවට දැනට පොලිසිය සිදු කළ විමර්ශනවලින් හෙළිව තිබේ.
වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ බවට සැකකෙරෙන ත්‍රිරෝද රථයක් අසල රැදී සිටි දෙදෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කර තිබේ.