ඊයේ (18 ) දින හංවැල්ල ප්‍රදේශයේදී ආපන ශාලා හිමි කරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඒ අනුව වෙඩි තැබීමෙන් ඉතා බරපතල තුවාල ලැබූ ආපනශාලා හිමිකරු පාදුක්ක රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
එමෙන්ම සිදුවීමෙන් මියගොස් ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු බව වාර්තා වන අතර නාදුනන යතුරුපැදි කරුවන් දෙදෙනකු ඊයේ රාත්‍රී කාලයේ මෙම වෙඩි තැබීම සිදු කොට පලාගොස් ඇති බව පොලීසිය සදහන් කරයි . වෙඩි තැබීමට හේතු වූ සාදක අනාවරණය කර නොමැති අතර වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කෙරේ.