එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් කෘතඥතාවය පිරිනැමිය යුතුයි !
වෙසක් පුන් පොහෝ දිනය ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් කරවීමට පුරෝගාමී වූ හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාට කෘතඥතාවය හිමිවිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් පවසති .
වෙසක් දින වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව පවසති .
මහානායක හිමියන්ගේ එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේද දැක්වේ .
වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රාජ්‍යයන් හි ජීවත්වන සියලු සියලු බෞද්ධයන්ට ආගමික වශයෙන් වැදගත් වූ දිනයක් වන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් සිද්ධාර්ථගෞතම නම් වූ බුදුන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම සිදු වූයේ වෙසක් පුන් පොහෝ දිනයකම වීම නිසයි .වෙසක් දිනයමුළු ලෝකයටමවැදගත්වු දිනයකි .
වෙසක් දිනය ජාත්‍යන්තර පිළිගැනීමට ලක් කිරීම පිළිබඳවඑක්සත් ජාතීන්ගේ සංවිධානයට අපගේ පුණ්‍යානුමෝදනා ත්මක කෘතඥතාවය පිරිනැමිය යුතුය .ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපටමෙය වඩාත් වැදගත් වන්නේ අපේම කෙනකු විසින් මෙම යෝජනාව ඉදිරිපත් කොට ක්‍රියාත්මක කර ගැනීමට කටයුතු කිරීමයි . දිවංගත අපගේ විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාගේ නාමය නොමැකෙන ලෙස ඉතිහාසයේසටහන්ව ඇත්තේ එතුමාගේ ඒ යහපත් ක්‍රියාව නිසාමය .
වෙසක් පුන් පොහෝ දින ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව ආගමික වතාවත්වල නිරත වෙති . සියලු විහාරස්ථානයන්සිල් ඇත්තන්ගෙන්පිරියති . බොහෝ අය ආමිස පූජාවල යෙදෙති . දන්සැල් දෙති . නැත්තන් හට උපකාර කරති. බුද්ධාලම්භන ප්රීතියෙන්අලංකාර සැරසිලි කරති . ජාතක කතාවස්තුන් විස්තර කරන තොරණ් ඉදි කරති .පෙරහැර කරති . ජාතික ආගමික වෙනසක් නොමැතිව ශ්‍රී ලාංකිකයන් තෙමගුල් මහෝත්සවය නොහොත්වෙසක් මංගල්‍යය සමරති . විශේෂයෙන් කුඩා දරුවන් වෙසක් ප්‍රීතිය භුක්ති විදිති .
පසුගිය වසර කීපය තුළ නොයෙක් අවාසනාවන්ත සිදුවීම් සහ වසංගත රෝගකාරකතත්ත්වයන් වයන් හේතු කොට ගෙන වෙසක් උත්සවය සැමරීමට නොයෙකුත් බාධාවන් ඇති විය . නමුත් මේ වසරේ එවැනි බාධක දුරු වීම කාගේත් සතුටට කාරණාවකි .
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 නොහොත් 2023 නොහොත් 2023 වර්ෂයේ පුත්තලම දිස්ත්‍රික්කය මූලික කොටගෙනරාජ්ය වෙසක් උත්සවයත් ඊට සමගාමීව සිරිත් පරිදි රටපුරා විහාරස්ථානවල වෙසක් උත්සවය පවත්වනවා ට කිසිම සැකයක් නැත .බුදුන් වහන්සේ අපට අවබෝධ කර දුන්නේ පිරිසිදු මනසකින් යුතුවකටයුතු කිරීමේ ක්‍රමයයි . ඒ තුළින් අපට වැරදි නිවැරදි කර ගැනීමේ මාර්ගය අවබෝධ වේ . එබැවින් ඒ ධර්මතාවය මත පහන් සිතැතිවවෙසක් මංගල්‍යය සැමරීම සුදුසු බව වටහා ගත යුතුය .
මෙම වසරේ රාජ්‍ය වෙසක් මංගල්‍යය උත්සවාකාරඅන්දමෙන් පැවැත්වීමටකරන්නා වූ සියලු ප්රයත්නයන් සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන අතර සියලු බෞද්ධයන් හට සුභ වෙසක් මංගල්‍යයක් වේවායි සුභාශිංශනය පුද කර සිටින බවද එහි දැක්වේ .
සරත් සමරනායක