වෙසක් පොහෝ දින සිරකරුවන් 988 කට ජනපති සමාව.

වෙසක් පොහෝ දිනය නිමිති කොට ගෙන දිවයිනේ සෑම බන්ධනාගරයක්ම ආවරණය වන පරිදි සිරකරුවන් 988 කට ජනාධිපති සමාව යටතේ  අද (05) නිදහස ලබා දෙන බව වාර්තා වේ.

ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක්ට සහ සිරකාරියන් 6 ක් ඇතුළුව සිරකරුවන් 988 කට සමාව දී නිදහස් කළ බව සදහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල මත මෙම විශේෂ රාජ්‍ය සමාව හිමිව තිබේ.

Exit mobile version