වෙස්සන්තර රජ්ජුරුවන්ට
සහෝදරියක් හිටියනම් නිසැකවම
නම තියන්නේ ” විහඟනා ” කියලා

දැන් ඒ හදවත ගැහෙනවා ඇති
තවත් ජීවිත රැසකට පණ දෙන
⁣වෛද්‍යවරියකගේ පපු කුහරය මැද

බොදවී පෙණුනු ලෝකයම
ලස්සනට පෙන්නනවා ඇති ඒ ඇස්
ලෝකය පැහැදිලිව නොදැකපු දෑසකට

දියවී ගිය අක්මාවකට
කල් ඉකුත්ව වකුගඩුවකට
යටත් වුණු ජීවිත දෙකකට
පාරමිතා පුරන්නියකගේ
ප්‍රාර්ථනාවකින් අළුත් හුස්මක් ලැබිලා

ව්හඟනා නිසැකවම
සුරඟනාවක්ව ඇති දැන් දෙව්ලොව
මෙතේ බුදුන්ගේ අගසව් තනතුරකට
අයැදුම්පතක් පුරවමින් නිසැකවම !

වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක
© කතාකරන වෙදකුරු

Exit mobile version