රටක් දියුණු කිරීමට නම් ඒ ඒ වෘත්තීන් සදහා යෙදිය යුත්තේ ඒ පිලිබදව උගතුන්ය. නමුත් 2005 වර්ෂයේ සිටම සිදු වුයේ සුදුස්සා වෙනුවට නුසුදුස්සන් පත් කිරීමය. උදාහරනයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි ජේෂ්ඨ නීතිඥවරු මහාධිකරණ විනිසුරුවරුන් බවට පත් විය. ඒත් සමගම උසස්වීම් බලාපොරොත්තුව සිටි දිසා විනිසුරුවරුන්ගේ බලාපොරොත්තු සුන් වෙමින් සමස්ත අධිකරණ ක්‍රියාවලියම බිඳවැටුණු අතර එහි ප්‍රතිපලයක් ලෙස රංජන් රාමනායක අධිකරණ විනිසුරුවරුන් සමග කතා බහ කරන හඬපටද එලියට ආවේය.
මහින්ද රාජපක්ෂ පාලනයේ එම ක්‍රියාවලියම තව දුරටත් වර්ධනය කරමින් ඔහුට තිබුණු බලයටත් වඩා වැඩි බලයක් ස්ථාපනය කරමින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කල අතර අදක්ෂ පාලකයෙක් වූ ඔහුට ලැබුණු බලය නිසා රාජ්‍ය සේවයේ විධායක පන්තිය කරනම් ගැසුවේය.
එහිදී අප දුටුවේ ඔහුගේ වියත්මග පවා තම තමන්ගේ පෞද්ගලික අභිමාර්ථයන් වෙනුවෙන් රටේ යහපැවැත්ම බිලිදුන් බව වන අතර එහි එක් කොනක පාදෙණිය නමැති වෛද්‍යවරයාද සිටියහ. පසුගියදා වෛද්‍යවරයෙකු ප්‍රකාශයක් කරමින් කුරුම්බා සමබර ආහාරයක් බව ප්‍රකාශ කල අතර ඔහුට දැඩි ජනතා අප්‍රසාධයක් එල්ල කළේය. මේ සියල්ලම පිලිබඳව තොරතුරු ගනනාවක් අනාවරණය කිරීමට වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කටයුතු කර තිබේ ඒ චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති සාකච්චාවකදීය.
එහිදී රටේ කෘෂිකර්මය විනාශ කළේ පාදෙණිය මිසක් GMOA එක නොවන බවද, පහුගිය කාලේ අපි වෛද්‍ය වෘත්තිය සමිතියකට අදාල නැති වැඩ කල බවත් ඒකට අද මුළු රටකටම වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙන බවද ඒ මහතා සදහන් කරන ලදී.
එසේම ත්‍රිපෝෂ වල ඇෆ්ලටොක්සින් තිබෙන බවට වූ කතිකාවත සෞඛ්‍ය අමාත්‍යංශය යට ගැසූ බවද, පොල් සමබර ආහාරයක් නොවන බවද සදහන් කල ඒ මහතා දොස්තර පාදෙණිය ගේ කාලේ GMOA ඇතුළෙ ප්‍රශ්න ගොඩක් ඇති වූ බවද සදහන් කරන ලදී. කෙසේ නමුත් කොරෝනා වසංගතයේ මුල් කාලයේ පාදෙණිය මහතා විසින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳවද සමාජය තුල කතිකාවතක් ඇති කරන ලදී.
සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න