වෛද්‍ය නිළධාරින්ගේ සංගමයෙන් සෝචනීය හෙළිදරව්වක්.

ශ්‍රී ලංකාවේ රෝහල් සදහා ලබාදෙන ඖෂධවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට අවශ්‍ය  රසායනාගාර පහසුකම්  නොමැති බැවින් වෙළෙඳ පොළට ප්‍රමිතියෙන් තොර බාල තත්ත්වයේ ඖෂධ බහුලව ඒම නිසා රෝගීන් අවදාමකට හා අපහසුතාවයකට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ඖෂධ ආනයනය කරනු ලබන්නේ  ඉන්දියාවෙන් වන අතර ඒවයේ ප්‍රමිතිය නිසි  පරිදි නියාමනය කිරීමට අවශ්‍ය නිවැරදි යාන්ත්‍රණයක් නොමැති බවත් විදේශයන්හි සිට මෙරටට ආනයනය කරනු ලබන  සියලුම ඖෂධ වල ගුණාත්මකභාවය නිසි පරිදි පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රමිතිය සහිත උසස් රසායනාගාරයක් ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ එමනිසා බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි.

මේ වනවිට  සිදුවෙමින් පවතින්නේ දුප්පත් අසරණ මහජනතාව බිල්ලට තබා  ඖෂධවල ප්‍රමිතිය රෝගීන් හරහා පරීක්‍ෂා කිරීම බව මෑත කාලයේ ආසන්නතම් සිදුවීම්වලින් පැහැදිලි වන බවයි  අලුත්ගේ මහතා සදහන් කර ඇත්තේ.

ඖෂධවල ප්‍රමිතිය පරික්ෂා කිරීම සදහා තත්ත්ව සහතික රසායනාගාරයක් ස්ථාපිත කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුළු කණ්ඩායම රජයෙන් ඉල්ලා සිටි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ලියාපදිංචි නොකළ ඖෂධ තොගයන රටට ඇතුළු වී තිබීම වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බවයි.

Exit mobile version