වෛද්‍ය බුද්ධි ගලනය අඩුවේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසා තිබුනේ වෛද්‍යවරුන් විදේශගත වීමේ ප්‍රවණතාව සති තුනක කාලයක සිට අඩුවෙමින් පවතින බවයි.

වාර්තා වන ආකාරයට අධ්‍යාපනය සඳහා සහ වෙනත් කරුණු සඳහා වෛද්‍යවරුන් විදේශගතවීමේ අඩුවක් මේ වන විට දක්නට ලැබෙන බවත් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වන වෛද්‍යවරු නොපැමිණීම ද අවම වෙමින් පවතින බවත් හෙතෙම ප්‍රකාශ කර තිබේ.

මේ අතර විශේෂඥ පුහුණුව සඳහා විදෙස්ගතවූ වෛද්‍යවරුන් මේ වන විට පුහුණුව අවසන් කරමින් යළි දිවයිනට පැමිණෙමින් සිටින බව කී ලේකම්වරයා වෛද්‍යවරුන් විදේශගතවීම ඉදිරියේදී තවදුරටත් අඩුකරගත හැකි වනු ඇති බවටද විශ්වාසය පල කර තිබේ.

Exit mobile version