වෛද්‍ය බෙල්ලන රෝහලෙන් පිට වෙයි.

කොළඹ ජාතික රෝහලේ සේවකයන් පැය 6 කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මීට සුළු මොහොතකට පෙර රෝහලෙන් පිට කිරීමට කටයුතු කළ බවට උසස් පොලිස් නිලධාරියෙක් පැවසූ බව වාර්තා වේ.

විරෝධය දක්වමින් සිටි සේවකයන් මඟ හැර දැඩි ආයාසයක් යොදා ඒ මහතා රෝහලෙන් පිට කළ බවත් විරෝධයේ යෙදී සිටි සේවකයන් මේ වන විට විසිර යමින් සිටින බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසා තිබේ.

Exit mobile version