වෛද්‍ය වැඩ වර්ජනයක් අත ළඟ!. අනතුරු හැඟවීමක්!.
රට තුල පවතින නිදහස් සෞඛ්‍ය කඩා වැටීම පිලිබඳව සහ එම තර්ජන වලට ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳව සාකච්චාවට ගෙන තිබෙන බවත්, නොවැම්බර් මස 01 දිනට පෙර විසදුම් නොලැබුණහොත් වැඩවර්ජනයකට යන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය ලදී.
මාධ්‍ය සාකච්චාවකට එක් වෙමින් මේ බැව් සඳහන් කරන ලද අතර එහිදී වැඩි දුරටත් සදහන් කලේ, මෙරට පාලකයන් නිදහස් සෞඛ්‍ය රැක ගැනීම පිලිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් බවයි.
මෙසේ නිදහස් සෞඛ්‍ය මෙරටින් සම්පූර්ණයෙන්ම බැහැර කොට සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීමට පාලකයන්ගේ අරමුන වී ඇත්දැයි ඔවුන්ට ප්‍රශ්නයක් බව වෛද්‍ය හන්සමාල් විජේසූරිය මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
බුද්ධි ගලනය මගින් රටේ සමස්ථ වෛද්‍ය වරුන්ගෙන් 1/4 කට වැඩි ප්‍රමාණයක් මෙරටට අහිමි වෙන පසුබිමක 5000 කට වැඩි වෛද්‍ය පිරිසක් තවදුරටත් රැඳී සිටින්නේ වෛද්‍ය වරුන්ගේ සංගමය පිලිබඳ විශ්වාසය තබා ඇති බැවින් බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. මෙසේ බුද්ධි ගලනයට ප්‍රධාන හේතුව වන්නේ වෛද්‍යවරුන්ගේ ආර්ථික යුක්තිය ඉටු නොවීම බව පෙන්වා දුන් ඔහු පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන් අපහසුතාවයට සහ අසාධාරණයට ලක්ව සිටින බවයි.
තවදුරටත් එසේ සිදුවුවහොත් මෙම වෛද්‍ය වරුන් මෙරට රඳවා ගැනීමේ අසීරු තත්වයක් ඇති විය හැකි බව පෙන්වා දුන්නේය. පුත්තලම ප්‍රදේශයේ ළය රෝහලකට පිරිසක් විසින් ගොස් ඇති කල අර්බුදකාරී තත්වය පිලිබඳවද මෙහිදී අදහස් පල කර පළකරමින් ප්‍රකාශ කලේ එම රෝහලේ වෛද්‍ය අවශ්‍යතාවය වෛද්‍ය වරුන් 6 දෙනක් වුවද දැනට සේවය කරන්නේ එක වෛද්‍ය වරයෙක් පමනක් බවය.
මෙම තත්ව හමුවේ වැඩ වර්ජනයක්,විරෝධතාවක් හෝ ඒ හා සමාන්තර වෙනත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මාලාවක් පලාත් වශයෙන් සිදු කිරීමට තීරණය කර ඇති බව පෙන්වා දෙන ඔහු මෙම ප්‍රශ්න වලට නිසි විසදුම් නොලැබුනහොත් නොවැම්බර් මස 01 වන දිනෙන් පසු ඕනෑම වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඔවුන් තීරනය කර ඇති බව වෛද්‍ය හන්සමාල් වීරසූරිය මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.