වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ජාත්‍යන්තර ධූරයක්

පසුගිය දා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙරටින් පිටව ගියේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සඳහා සහභාගී විමට වන අතර ඔහු එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරීන්ගේ 04 වන සැසිවාරයේ සභාපතිධූරය සඳහා ද ඔහුව පත්කර ඇත.

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (06) දින කොරියා ජනරජයේ සූවොන් සිටි හි පැවති සැසිවාරයේ දි මෙලෙස සභාපතිධූරය සඳහා පත්කර ඇත.

මේ අනුව අනිල් ජාසංහ මහතා ලබන වසරේ පෙබරවාරි මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ 05 වන මහ සභා රැස්වීමේ දී ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරීන්ගේ නියෝජිත බියුරෝවේ සභාපතිවරයා වශයෙන් එම සැසිවාරය නියෝජනය කිරිමට නියමිතව ඇත.

මේ දිනවල දකුණු කොරියාවේ සූවොන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ 04 වන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන පරිසර බලධාරීන්ගේ නියෝජිත සමුළුවේ දී මෙතුමාව ඉදිරි වසරක කාලය සඳහා මෙම තනතුරට පත්කර ඇත.

Exit mobile version