වොලඩිමියර් අද අමෙරිකාවට.

අද (21) දිනයේ යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි අමෙරිකාව බලා පිටව යාමට නියමිත බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එහිදී ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීමට නියමිතව ඇති බවත් එහිදී යුක්රේන ජනාධිපතිවරයා එරට කොංග්‍රස් මණ්ඩලය ද අමතනු ඇති බවයි.

කෙසේ නමුත් යුක්රේනය සහ රුසියාව අතර යුද්ධයක් පවතින කාලපරිච්ඡේදය තුළ දී ඔහු සිය රටින් පිටවන පළමු අවස්ථාව මෙය බව ද සඳහන් වේ.

එමෙන්ම අමෙරිකානු පාර්ලිමේන්තු කතානායකවරයා විසින් කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින් සියල්ලන්ට ද පාර්ලිමේන්තුව වෙත පැමිණෙන ලෙස මේ වන විටත් දැනුම් දී හමාර බව ද වාර්තා වේ.

යුක්රේන ජනාධිපතිවරයාගේ අමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් නිල තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත්තේ ආරක්ෂක හේතුන් මත බවත්, මෙම සංචාරය තුළින් අමෙරිකාව තවදුරටත් යුක්රේනයට මුදල් ආධාර සහ ආයුධ ලබාදෙනු ඇති බවට ද වාර්තා වී තිබේ.

Exit mobile version