පසුගිය වසරේ මැයි මස 9 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමකගේ ප්රචණ්ඩ වචන හමුවේ ප්රචණ්ඩ වූ පොදුජන පෙරමුණේ සාමාජිකයන් විසින් ගාලු මුවදොර පිටියට එල්ලකළ මැර ප්‍රහාරය සමග රට පුරා ප්රචණ්ඩ ක්‍රියා ඇති විය. ඉන්ධන හිඟය , විදුලිය කප්පාදුව ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ වැඩි වීම් සමග පිඩාවට පත්ව සිටි ශ්‍රී ලංකාවේ වැසියන් ගෝඨාභය මහින්ද ඇතුළු එවකට සිටි සියලුම මැති ඇමතිවරුන්ට එරෙහිව නැගී සිටියේය. එම රජයේ සමහර මැති ඇමතිවරුන්ගේ දුර්වල මෙන්ම දුෂිත පාලනක්රමය හේතුවෙන් ඔවුන්ට එරෙහිව මහජනතාවගේ කුපිත වීම හමුවේ, දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්නිගේ නිවාස දේපල ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන,ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු මැති ඇමැතිවරු සහ දේශපාලකයින් 39 විසින් අභියාචනාධිකරණය හමුවේ ගොණු කර තිබුණු පෙත්සම අද (22) ඉල්ලා අස්කර ගෙන තිබේ.
එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ පසුගිය වසරේ මැයි මස 09 වැනිදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම් දී ඇති බවයි.
ඒ අනුව පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අධිකරණය අවශ්‍ය අවසරය ලබා දුන්නත් , අදාළ පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා විරුද්ධ වී තිබුණේ නඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු වන බවට කරුණු දක්වමිනි.
ශවේන්ද්‍ර සමග පුද්ගලික ආරවුලක් තිබෙන බව කියවෙන හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව පදනම් කරගෙන මෙම නඩුව පවරා තිබුණි. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති ඇතුලු කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙසයි පෙත්සම ගොණු කර තිබුණත් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහලින්ම වගකිව යුතු ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතා මෙම නඩුවේ වග උත්තරකරුවෙකු ලෙස නම්කර නැති අතර කරන්නාගොඩ වාර්තාවෙන්ද ඔහු වරදකරුවෙකු බවට පත්කර නැත. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය හමුවේ එකල සිටි ආරක්ෂක ලේඛම්වරයාටද චෝදනා එල්ල විය. ඔහුටද බන්ධනාගාරගත වීමට සිදුවිය.
කෙසේ නමුත් මෙම සිද්ධියේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වගවීම සම්බන්ධයෙන් වැඩිවශයෙන් දක්වා තිබුණි. ඒ අනුවම කරන්නාගොඩ වාර්තාව අංග සම්පුර්ණ සාධාරණ වාර්තාවක් විය නොහැකි බව අප එකලම වාර්තා කළේය. එම වාර්තාව පහතින් කියවිය හැකිය.
එසේම එම වාර්තාවෙන් පසු අප පලකළ වාර්තාවද පහතින් දැක්වේ. නීතියක් පවතින රටක එම වාර්තාව සාධාරණ වාර්තාවක් ලෙස පිළිගත නොහැකි බව අප එකලම වාර්තා කළේය.
කෙසේ වෙතත් ගාලු මුවදොර පිටියට පහර දීම, මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන නායකයන්ගේ නිවාස ගිනි තැබීම් කිසිසේත්ම අනුමත කල නොහැක. එසේම සිදු වූ සිදුවීම් මාලාව පිලිබදව සාධාරණ පරීක්ෂණයක් කල යුතුමය. එයට ඉහලින්ම වගකිව යුත්තේ ආරක්ෂක ලේඛම්වරයාය. ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු මෙන්ම දේශපාලන බේදයකින් තොරව මහජනතාව ආරක්ෂා කිරීමේ ඉහලම රාජ්‍ය නිලධාරියා වන්නේ ආරක්ෂක ලේඛම්වරයා ය. එයද මහජනතාවගේ තනතුරක් වන අතර මහජනතාව බදු මුදලින් ඔහුව නඩත්තුකරනුයේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතුකල යුතු බැවිනි.
ඒ අනුව කරන්නාගොඩ වාර්තාවෙන් ශවේන්ද්‍රගේ හුලන් බැස්සීමට උත්සාහ කලත්, මේ වන විට කරන්නාගොඩ මහතාටද ආණ්ඩුකාර ධුරය අහිමිව තිබේ. සැමවිටම කටයුතුකළ යුත්තේ සාධාරණ ලෙස පමණි. රාජ්‍ය බලය මත පත්වෙන කමිටුවලින් පවා සිදුවිය යුත්තේ සියල්ලම සාධාරණ ලෙස සිදුවීමය. එම කමිටු ක්‍රියාත්මක වීම වෙනුවෙන් මුදල් ගෙවන්නේද මහජන මුදලින් විනා, කිසිවෙකුගේ පුද්ගලික බුදලයෙන් නොවේ.