ශ්‍රමන වේසදරියෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදී නිලධාරීන්ට තර්ජනය කරලා. කාර්යාලයේ නිලධාරීන්ට කොන්දක් තිබිල නෑ.


ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුනු ශ්‍රමන වේශධාරී භික්ෂුවක් ලෙස පෙනී සිටින කොකාවල කෝෂල නමැති පුද්ගලයෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරීන්ට සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරියට බැන තර්ජනය කර තිබේ. “ඇඹිලිපිටියට එන ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් වැඩකරන්න ඕනි තමන්ට අවශ්‍ය අකාරයට බවත්, එසේ කල නොහැකි නම් එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙසත්” ඔහු තර්ජනය කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්ථා කරයි

වාර්තාවන ආකාරයට සිද්ධියට පදනම්ව තිබෙන්නේ ශ්‍රී සංඛපාල රාජමහා විහාරයට අයත් බවට හොර නින්දගමක් මෙතෙක් කාලයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර එම නින්දගමට අයත් ඉඩම් කොටස වන්නේ අක්කර 75 කට ආසන්න ප්‍රමාණයක් වූ නමුත් ඇඹිලිපිටියට පැමිණි සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කිසිදු ලේඛනයක් නොමැතිව අක්කර දහස් ගණනාවක් එම විහාරස්ථානයට තිබෙන බවට ලිපි ලබා දි තිබේ. එම ලිපි මත වංචනික ඔප්පු සිය ගණනාවක් සකසා තිබේ. එම ඔප්පු විශාල ප්‍රමාණයක් අප ආයතනයටද ලැබී තිබේ.

නමුත් මීට මාස කිහිපයකට පෙර ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බැලීම සඳහා රාජ්‍ය සේවා කොමිෂම විසින් පත්කර සිටි අනුරාධ ජයකොඩි මහතාට එය නින්දගමක් ලෙස තහවුරු කරගැනීමට අවශ්‍ය සත්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ භික්ෂුව අපොහොසත්ව තිබේ. ඒ අනුව එය නින්දගමක් ලෙස පිළිගැනීමට අවශ්‍ය ලේඛන වලට ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතා අත්සන් තබා නැත.

ඉන් කුපිත වූ මෙම අබෞද්ධ භික්ෂුව පසුගිය සඳුදා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට පැමිණ එහි නිලධාරීන්ට තර්ජනය කර තිබේ. එසේම සහකාර ප්‍රාදේශීය ලේකම්වරියටද තර්ජනය කර තිබේ. රාජ්‍ය නිලධාරීන්ගේ යහපත් රාජකාරියට බාධාවක් වන ලෙස හැසිරී ඇති එම භික්ෂුවට එරෙහිව වචනයක් හෝ කතා කිරීමට හැකි කොන්දක් ඇති රාජ්‍ය නිලධාරින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නොසිටීම කණගාටුවට කරුණකි.

සංඛපාල මෙම නින්දගමේ සිද්ධිය අප මීට පෙරද පෙන්වා දි තිබෙන අතර ඇඹිලිපිටියේ මීට පෙර ප්‍රාදේශීය ලේකම්වරුන් සියලුම දෙනාද වංචනික ඔප්පු සැකසීම, වංචනික ලෙස මුදල් එකතු කරීමට, ආදී බොහෝ අපාරධ සිදුකිරීමට මෙම භික්ෂුවට ආධාර උපකාර කර තිබේ. වර්තමාන රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නද ඒ ආකාරයෙන්ම කටයුතු කර තිබේ. ඒ අනුව ඇඹිලිපිටිය කොඨිඨාශ විශේෂ අපරාධ ඒකකයේ පවතින පැමිණිල්ල විභාගයට ගන්න දිනයක, කුට ලේකන සැකසීමට ආධාර අනුබල දීම, වංචාවට අනුබල දීම, ව්‍යවස්ථාපිත යුතුකම් ඉටු නොකිරීම ආදී චෝදනාවලට ඔහුටද අපරාධ නඩු වැටෙනු ඇත. එම පැමිණිල්ල ප්‍රබල සිවිල් සංවිධානයක් විසින් යොමුකර තිබේ.

එසේම මෙම භික්ෂුව තම විහාරස්ථානය වටේ තිබෙන සියලුම ගම්මානවල මිනිසුන් තරහ කරගෙන සිටින්නේ මෙම ඉඩම් පලහිලව්ව නිසාය. නමුත් කිහිප දෙනෙක් කිසිවක් කරගැනීමට නොහැකි නිසා ඔහු පසුපස සිටින්නේය. හම්බන්තොට සිමෙන්ති කම්හලට සංඛපාල කන්දේ කොටසක් ලබා දීමට උත්සාහ කිරීම, වංචනික ලෙස ඉඩම් අත් පත්කරගැනීමට කටයුතු කිරීම, කුට ලේකන සැකසීම ආදී චෝදනා ගණනාවක්ම තිබෙන මෙම භික්ෂුවට එරෙහිව ඇඹිලිපිටිය කොඨිඨාශ විශේෂ අපරාධ ඒකකයේ විභාග නොවූ පැමිණිල්ලක්ද තිබේ. ඔහු පොහොට්ටු පක්ෂයේ ප්‍රභල සාමාජිකයෙක්ද වේ.

මොහුගේ ක්‍රියාකාරකම් වලට කෙතරම් ජනතා අප්‍රසාදීද යත්, වාර්ෂික ඇසළ පෙරහරට ප්‍රධාන ආරාධිතයෙකු ලෙස පැමිණීමට සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ද එම විහාරස්ථානය අනාරක්ෂිත බව බුද්ධි අංශ වාර්තා කර තිබුණි. එම බුද්ධි වාර්තාව සියයට සියයක්ම නිවැරදි වන්නේ ගම් වාසින් විශාල පිරිසක් අගමැති හමුවීමට සැලසුම්කර තිබුණු බැවිනි. එහිදී කාටත් හොර රහසේම වෙලාවට පෙර පැමිණ යාමට අග්‍රාමාත්‍යවරයාට සිදු වීය.

එසේම ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ බැලූ අනුරාධ ජයකොඩි මහතාගේ ස්තානමාරුව පිටුපස සිටින එක් හස්තයක් වන මොහු සමග ඇඹිලිපිටිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් කිහිප දෙනෙකුද සිටි. කෙසේ වුවත්, වරදට ආධාර උපකාර කරනා රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය නැති අතර, චිවරදාරින්ද වරදට යොමුකරනා රාජ්‍ය නිලධාරින් කිසිසේත්ම රටකට අවශ්‍ය නැත. මෙම භික්ෂුවගේ මෙම හැසිරීමට වගකිව යුත්තේ ඇඹිලිපිටියේ සිටි ප්‍රාදේශීය ලේක්ම්වරුන්ය.

මෙම සංඛපාල විහාරස්ථානය සතුව නින්දගමක් පවතින බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර, තුඩපත් සහ සන්නස් පත් පවතින නීතිය යටතේ අවලංගු කර තිබේ. මෙම ප්‍රදේශයේ ඉඩම් මනින විට මෙහි විහාරස්ථානයක් තිබුනත් එය ගරා වැටී තිබී ඇත.

1872 අධිරාජ්‍යවාදීන් විසින් තුඩපත් සහ සන්නස් පත් අවලංගු කර තිබෙන අතර 1939 ඉඩම් නිරවුල් කිරීමේ ගැසට්ටුවට අනුව මෙම ප්‍රදේශයේ ඉඩම් නිරවුල් කර තිබේ. එහිදී මැනුම් අවසන් කර තිබෙන්නේ 1941 දීය. එම මැනුමට අදාල ඔප්පු ව ලබා දී තිබෙන්නේ 1969 දීය. එය බදු ඔප්පුවකි. එහි සඳහන්ව ඇත්තේ අක්කර 54 යි රූඩ් 1 යි, පර්චස් 16 ක් ලෙසය. ඉන් පසුව තවත් අක්කර 20 ක් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයෙකු ප්‍රධානය කර ඇත. එම දින, නම් ආදී සියල්ලම අප මීට පෙර වාර්තා කර තිබේ. ඒවා සියල්ලම පහත ලිපිවල සඳහන් වේ.

ඒ අනුව මෙම විහාරස්ථානය සතුව තිබෙන්නේ අක්කර 75 කට ආසන්න ප්‍රමාණයක් බවට පමණක් ලේඛන තිබේ. ඔහු ඉදිරිපත්කරන නඩු තීන්දුවේද අවශ්‍යම කොටස නැති අතර එයද දෙදෙනක් අතර ඇතිව තිබෙන නඩුවකි. දහස් ගණනාවක් මිනිසුන් සිටින, ප්‍රදේශයක දෙදෙනෙක් අතර පවතින නඩුවක් ප්‍රදේශවාසීන්ට බලපෑමක් විය නොහැක. ඉතිහාසයට අනුව එම නඩුව පැවැරී තිබිය යුත්තේ අක්කර 74 , රුුඩ් 1 යි පර්චස් 16 ට . එමෙන්ම හතර මායිමක් නැති ඉඩමක් නින්දගමක් ද නොවේ.

ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් ලෙස වැඩ බැලූ අනුරාධ ජයකොඩි මහතා තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකර තිබෙන අතර, පහතින් තිබෙන සියලුම වාර්තා අප ලියා තිබෙන්නේ මෙම ගැටළු අනාවරණ වීමටත් පෙර මාස ගාණකට පෙරය.

එබැවින් මෙම භික්ෂුව රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම යටතේ පරීක්ෂණයක් නොකිරීම, තවත් ප්‍රශ්න ගණනාවක ආරම්බයක් විය හැකිය. එබැවින් මේ පිළිබඳව පරීක්ෂණයක් කර අදාළ භික්ෂුවට නඩු පවරන ලෙස ප්‍රදේශවාසින් ඉල්ලා සිටි.

ගම් ගණනාවකම ප්‍රශ්න ඇතිවන ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරු, ඇඹිලිපිටියේ ප්‍රාදේශීය ලේකම්වරු, උඩවලවේ පොලිස් ස්ථානාධිපතිවරුන් හැසිරුණු ආකාරය පිළිබඳව අපගේ පැරණි වාර්තා ඔබට පහත සබැඳි ඔස්සේ කියවිය හැකිය .

අවිස්සාවේල්ල මාණ්ලික වාර්ථාකරු

( පුවතේ යම් වරඳක් තිබේ නම් ආයතනයට කතා කර නිවැරදි කරගැනීම විරුද්ධ පාර්ශ්වයේ වගකීම වේ)

Exit mobile version