අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටියේ දිවයින පුරා සිටින ශ්‍රවණ ආබාධිත තත්ත්වයෙන් පෙළෙන අය සදහා ද රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩසටහනක් මේ සතියේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර ඇත.
” පුද්ගලයින් 50 දෙනෙකු සදහා නියාමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා එහි කාලය මේ සතියේ අවසන් වුණා.ඒ පුද්ගලයින් 50 දෙනා ඉතාමත් සාර්ථකව වාහන ධාවනය කරලා තිබුණා. කිසිදු අනතුරක් සිදුවෙලා නැහැ. එහි සාර්ථකත්වය මත මුළු ලංකාවටම ඒ රියදුරු බලපත්‍රය…. බිහිරි පුද්ගලයින් සදහා ලබා දීමේ වැඩපිළිවෙළ මේ සතියේ සිට ආරම්භ කරනවා.”
” ඒ වගේම රියදුරු බලපත්‍ර හිමි පාද අහිමි වූ රණවිරුවන් සදහා අවුරුදු දෙකකට සැරයක් වෛද්‍ය වාර්තාව ලබාගත යුතුයි කියලා සීමාවක් තිබ්බා. අපි දැන් ඒකත් අවුරුදු 4 සහ 8 සීමාව දක්වා දීර්ඝ කරන්න…”