ඇල්පිටිය ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි පුද්ගලයකු හදිසියේ රෝගාතුරවි මස්කෙළිය රෝහලට රැගෙන යන විට එම පුද්ගලයා මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. පි. එස්. වීරසේකර මහතා පවසයි.
මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ ඇල්පිටිය ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි වන්දනා නඩයක් 29වන දින ඇළුයම නල්ලතන්නිය මර්ගයෙන් ශ්‍රිපාද මළුව දක්වා ගමන් කරන අතරතුරදි එම නඩයේ එක් අයකු ඉදිකටු පාන ප්‍රදේශයේදි හදිසියේ අසනිපවි ඇති බවත්ය.
එසේ අසනිපවු එම පුද්ගලයා නල්ලතන්නියට රැගෙනවිත් කඩිනමින් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේදි එම පුද්ගලයා මිය ගොස් ඇති බවද ඔහු පැවසිය.
මෙසේ මිය ගොස් ඇත්තේ ඇල්පිටිය පදිංචි අවුරුදු 75ක් වයසැති පි. ඒ. සිරිපාල යන අය බවත් මේ වන විට එම පුද්ගලයාගේ මල සිරැර පශ්චාත් මරණ පරික්ෂණය සදහා මස්කෙළිය රෝහලේ තැන්පත් කර ඇති බවද වීරසේකර මහතා වැඩි දුරටත් පැවසිය.