ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය පිළිබදව විමල්ගේ අදහස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් පා.ම. විමල් වීරවංශ ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ මට්ටමක කාය වර්ධන මධ්‍යස්ථානයක් නොමැති බවත් , පවතින කාය වර්ධන මධ්‍යස්ථානය ඉතා කුඩා එකක් බවද , එයත් මෑතකදි ලබා දුන්න බවත් ජාතික ක්‍රිකට් පිහිණුම් තටාකයක්ද නොමැති අතර , මෙරට ඇත්තේ දඟ පන්දු සඳහා සුදුසු තණ තීරු පමණක් බවත් ක්‍රිකට් පලක මණ්ඩලයේ යුතුකම එම පහසුකම් ලබා දීම බවත් හෙතෙම පවසා තිබේ.

හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන හට ඩොලර් විසි දහසක් ගෙවන බවත් , එය ස්වෙච්ඡා සේවයක් නොවන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩයකයන් නිරන්තර වෙනස් වූ බවත් , නිෂ්චිතව 15 දෙනාව වත් තේරීමට නොහැකිව කුමටද මෙච්චර ගෙවීමක් කරන්නේ ‍යැයි සහ කෙත්තාරාම ක්‍රීඩාංගනයේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සඳහා පමණක් වෙන්වූ වෙනම කලාපයක් ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

තවදුරටත් වාර්තා වන ආකාරයට අයි.සී.සී හී සභාපතිවරයා පෞද්ගලික ජෙට් යානයකින් පැමිණ ශම්මි සිල්වා හා සාගල රත්නායක හා ජනාධිපතිවරයාත් හමු වූ බවත් , ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇති දේශපාලන බලපෑම් නවතන ලෙසත් ඔහු පවසා ඇති බවත් මන්ත්‍රීවරයා පවසා තිබේ.

Exit mobile version