ශ්‍රීලාංකිකයින් පිරිසක් ජෝර්දානයේ බලහත්කාරයෙන් රඳවාගෙන

වීසා බලපත්‍ර කාලය අවසන්වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 100කට ආසන්න පිරිසක් ජෝර්දානයේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින බවත් එරට ඇඟලුම් කාර්මාන්තශාලාවක සේවය කරන මෙම ශ්‍රි ලාංකික පිරිසගේ වීසා බලපත්‍ර කාලය අවසන් වුවද ඔවුන්ව යළි මෙරටට යොමුකිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බව වාර්තා වේ.

මේ වනවිට වැටුප් ගෙවීමකින් තොරව සිය සේවය ලබාගැනීමට අදාළ ආයතනය කටයුතු කර ඇති අතර යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වී ඇති බවද එහි සේවය කරන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු සඳහන් කළ බව තවදුරටත් වාර්තා වේ.

Exit mobile version