බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවයි. ලක්ෂ ගනනක් වන ලෝවැසි බෞද්ධ ජනතාවගේ ඉතුම් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍ය අද (29) සිට ආරම්භ වන අතර මේ වනවිටත් ඇතුල් පෙරහැර ආරම්භ වී තිබේ.
අද (29) අලුයම 03.03 ට පමණ “කප” සිටුවීමෙන් ආරම්භ වූ පෙරහැර මංගල්‍යයේ ඇතුල් පෙරහැර දින හතරකුත් පැවැත්වෙන අතර අගෝස්තු 02 සිට කුඹල් පෙරහැර ආරම්බ වේ. රන්දෝලි පෙරහැර අගෝස්තු මස 08 වැනි දින අවසන් පෙරහැර 11 වැනි දිනද පැවැත්වෙන බවද දිය කැපුම් පෙරහරෙන් පසුව අගෝස්තු මස 12 වැනිදින දහවල් පෙරහැරෙන් පසුව මෙවර පෙරහැර මංගල්‍යය අවසන් වීමට නියමිත බව වාර්තා වේ.
එසේම මෙම මහා බෞද්ධ දේශීය සංස්කෘත මංගල්‍යය මෙවරත් කිසිදු ජාතික, පිළිගත් මාධ්‍ය ආයතනයකට ලබා දී ජනතාවට සත්‍ය තොරතුරු ලබා දීමේ මෙනම් නිවසේ සිට තමන්ගේ ආගමික සංකේතය දැක බලා ගැනීමට අවශ්‍ය ජාතික අයිතිය ලබා දීමට කාට්යුතු කර නැති බවද වාර්තා වේ. එසේම “ශ්‍රී දළදා මාලිගාවේ” වෙබ් අඩවිය තුලද “ මාධ්‍ය අනුග්‍රහය “ ලබා ගත ජාතික ජනමාධ්‍ය ආයතනයක නම සඳහන් නොවේ.
තවද, 2021 වර්ෂයේ පැවති පෙරහැර මංගල්‍යය තුල පැවති අඩු පාඩු ද අප පෙන්වා දී තිබෙන අතර, ශ්‍රී දළදා මාලිගාවේ සිවිල් පාලකයන්ගේ වැරදි වැඩ නිසා ජනාධිපතිවරයාටත් , රටේ ජනතාවටත් දැඩි හානියක්, විනාශයක් සිදුවන බව අප එම කාලයේම වාර්තා කර තිබේ. අප ලියු ආකාරයටම ඒ සියල්ලම සිදුව තිබෙන අතර ඔවුන් එම වැරදි මෙන්ම වංචා, දූෂණ මෙන්ම අක්‍රමිකතා සිදුකිර්ම ආරම්භ කර තිබෙන්නේ රාජපක්ෂවරුන් සමග එකතුව බවටද පැහැදිලි තොරතුරු තිබේ.
එසේම දළදා මාලිගාවේ මාධ්‍ය අංශය මෙන්ම විවිධ සමාජ් මාධ්‍ය එකතුව පෙරහරේ වීඩියෝ දර්ශන ලබාගෙන පිටරටවල් වලට විකිනීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වන බවට ද අපට තොරතුරු ලැබී තිබේ.
කරුණු කාරනා කෙසේ වෙතත් පසුගිය අවුරුද්දේ අලි කුලප්පුව පිලිබදව තොරතුරු ප්‍රසිද්ධ කිරීම ඔවුන් වලකා තිබු අතර සජීවී පෙරහරක් ලෙස පැරණි පෙරහැරක්ද පෙන්වා සමස්ත ලෝක වාසි බෞද්ධ ජනතාවම ගොනාට අන්දවන ලදී.
මෙවර පෙරහැර මංගල්‍යය තුල මේ වනවිටත් සම්ප්‍රධායට පටහැනිව බොහෝ දේ සිදුවෙමින් පවතී.
මේ අතර හෙට (30) අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී දළදා මාලිගාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.
හිමාල් ඒකනායක, බස්නාහිර පළාත් මාණ්ඩලික වාර්තාකරු, ශ්‍රී රාවණා ලංකා පුවත් සේවය.