ශ්‍රී පාදය පෙනී පෙනී වටේම ගිනි තැබීම්

මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් සමග අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සමහර පුද්ගලයන් විසින් සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් හේතුවෙන් මේ වන විට කැලැ අක්කර ගනාවක් විනාශයට පත්ව ඇති අතර මෙම ප්‍රදේශයන් තුල දැඩි පරිසර විනාශයක් සිදු වෙමින් පවති.


පසු ගිය 09හා 10යන දෙදින තුලදි හැටන් රුවන් පුර, මස්කෙළිය මාඋස්සාකැලේ, මස්කෙළිය බ්‍රවුන්ලෝ, හැටන් යුලි ෆිල්ඩ් යන ප්‍රදේශවල සිදු කරන ලද කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම තත්වයන් උදාවි ඇත.


මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ සමහර පුද්ගලයන් මෙම කැලැ තුල ජිවත් වන කුඩා සතුන් මැරිමට හා විනෝදය තකා සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.


මෙම පුද්ගලයන් විසින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවන් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල දැඩි පරිසර විනාශයක් සිදුවන්නා සේම ඉදිරියේදි ජල හිගයක් ඇති විමේ අවදානමක් පවතින බවතින බවද එම පිරිස් පවසති.


මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානය යොමු කර මෙම කැලැ ගිනි තබන්නන්ට එරෙහිව දැඩි නිතිමය පියවර ගැනිමට අදාල නිලධාරින් පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

Exit mobile version