ශ්‍රී පාදය බැතිමතුන්ගෙන් පිරී ඉතිරෙයි

නව වසරේ පලමු සති අන්තය තුලදි ශ්‍රිපාද වන්දනා කිරිම සදහා විශාල පිරිසක් පැමිනි බව නල්ලතන්නිය පොලිසිය පවසයි.


මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 2024 වර්ෂය උදාවි පලමු සති අන්තය වන මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල පිරිසක් පැමිනි බවත්ය.


ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනෙන දෙස් විදෙස් සියළුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක සැලැස්මක් නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ යොදවා ඇති බවද එම නිලධාරියා පැවසිය.


එමෙන්ම විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිම සදහා මෙසෙයුම් ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

Exit mobile version