ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙම සති අන්තය තුලදි ලක්ෂයකට අධික අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දැඩි තද බදයක් හට ගෙන ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුලදි වැඩිම වන්දනාකරුවන් පිරිසක් මෙම සති අන්තයේ සෙනසුරාදා දින පැමිනි බවත් එම වන්දනාකරුවන් පිරිස ලක්ෂයකට අධික බවත්ය.
මෙතරම් වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ දැඩි තදබදයක් පැවති බවත් එම තත්වයන් සමග සමහර අවස්ථාවලදි වන්දනාකරුවන්ට එම මාර්ගයේ එකම ස්ථානයේ පැය භායක පමන කලයක් රැදි සිටිමට සිදුවු බවත්ය.
අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනිමත් සමග එම වන්දනාකරුවන් රැගෙන පැමිනි පුද්ගලික රථ වාහනවලින් නල්ලතන්නිය රථ ගාල් තුනම පිරි ගිය බැවින් එම වන්දනාකරුවන් රැගෙන පැමිනි බොහෝ රථ වාහන මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයේ ක්‍රිලෝ මිටර් තුනක පමන දුරක් මාර්ගය අයිනේ නතර කර තැබිමට පියවර ගත් බවද එම නිලධාරියා පැවසිය.
මෙසේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියළුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවත් එම වීශේෂ ආරක්ෂාව සදහා නිල ඇදුමින් මෙන්ම සිවිල් ඇදුමින්ද සැරසුනු පොලිස් නිලධාරින් යොදවා ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.